
(එම්.සුසිල් පීයන්ත)
පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අහුන්ගල්ල ගල්බොක්ක ප්රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් තරුණියක සුළු තුවා ලබා ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මෝටර් රථය ධාවනය කළ බව කියන තරුණයා කිසිදු තුවාලයක් නොලබා බේරී ඇත.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ මෙම මෝටර් රථයට කොස්ගොඩ පොලිස් මාර්ග බාධකයකදී නවත්වන ලෙස සංඥා කළත් සංඥා නොතකා ධාවනය කරද්දී පොලිසිය එම මෝටර් රථය පසුපස ලුහුබැද ඇති බවත් පොලීසිය කියයි.
ඒ අවස්ථාවේ මේ මෝටර් රථයේ රියදුරා පොලීසිය නොමග යවමින් අතුරු මාර්ගයකට දමා සිය මෝටර් රථය සගවා සිටි බවත් පසුව ඔහු නැවතත් ගාලු පාරට පැමිණ ධාවනය වෙද්දී යළි මෝටර් රථය නතර කරන ලෙස සංඥා කර ඇත.
එම අණ ද නොතකා මෝටර් රථය ධාවනය වේගයෙන් ධාවනය කරද්දී එය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැණ පෙරළී ඇත.
COMMENTS