IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


පිල්ලෙයාන්ගේ පෙත්සමට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලේයාන් විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලි, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක අමාත්‍ය අනුර දිසානායක සහ නීතිපතිවරයා නම් කර ඇත.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන් මඩකලපුව සිය පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුතුවලට නිරත වෙමින් සිටියදී පසුගිය අප්‍රේල් 08 වැනිදා එහි පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පෙතසම්කරු අප්‍රේල් 12 වැනිදා ආරක්ෂක අමාත්‍ය අනුර දිසානායක මහතා තමන් දින 90ක කාලයක් රඳවා තබා ගෙන විමර්ශන කිරීමට රැදවුම් නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කර ඇත.

 



අදහස් (0)

පිල්ලෙයාන්ගේ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1934 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site