IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


පාසල් සිසුන්ට බඹර ප්‍රහාරයක්

(සිතුම් චතුරංග)

මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහ විද්‍යාලයේ ක්‍රීඩා තරඟයක් අතරතුර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 43 දෙනකු අද දහවල් රෝහල්ගත කොට ඇතැයි මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

විද්‍යාලයේ පැවති පළාත් ක්‍රීඩා තරඟයක් අතරතුර බඹරුන් සිටි කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් සිසුන් හා ගුරුවරුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයිද පැවසීය.

මේ දිනවල පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති අතර සිසුන් වෙත බඹරුන් දෂ්ඨ කිරිම හේතුවෙන් පාසල තුල දැඩි නොසන්සුන්කාරිතත්වයක් හටගෙන තිබුණි.

පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් සහ ප්‍රදේශවාසීන් දුම් සහිත පන්දම් රැගෙනවිත් දෂ්ඨ කිරීම හේතුවෙන් තුවාල ලබා සිටි ගුරුවරුන් සහ සිසු සිසුවියන් රෝහල් ගතකරනු ලැබීය.

පාසල තුල තිබෙන වෙනත් බඹර කූඩු ඉවත් කිරීම සඳහා මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය ,පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතුකරනු ලැබීය.

 



අදහස් (0)

පාසල් සිසුන්ට බඹර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 296 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site