IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


පාසල් වලට සිසුන් ඇතුළත් කරන්න නව චක්‍රලේඛයක්

(අංජුල මහික වීරරත්න)

පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ අවලංගු කර නව චක්‍ර ලේඛ නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් පාසල් වල 5 සහ 6 වන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නිසි ක්‍රම වේදයක් හඳුන්වා දීම සුදුසු බව හඳුනා ගනු ලැබ ඇත. 

එකී කරුණු සැලකිල්ලට ගනිමින්, අතරමැදි ශ්‍රේණි වලදී විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත් වීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය සිසුන් සඳහා ප්‍රමුඛතාව ලැබෙන පරිදි පාසල් අයැදුම් කිරීමෙ අවස්ථාව සලසා දීම පිණිස නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. 

ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්, පාසල් වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවලංගු කර ඒ සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

පාසල් වලට සිසුන් ඇතුළත් කරන්න නව චක්‍රලේඛයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16434 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site