පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා සිසුවකුට තද බල කාංසාව වැළැඳී ඇතැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට අද (7) පිළියන්දල කලාපයේ නිලධාරීන් කණ්ඩායමක් මොරටුවේ එම පාසලට ගිය බව කලාප අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ පිළිබඳ සොයා බලන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා වෙත අද (07) යොමු කර ඇති අතර සිද්ධිය ගැන විමර්ශනයට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් නිලධාරියකු පත් කර ඇත.
එම නිලධාරියා හෙට (08) එම පාසලයට යෑමට නියමිත බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පාසලේ දෙමාපියන් කිහිප දෙනකු අද (07) පාසලට පැමිණ ඇති බව ද, අධ්‍යාපන බලධරයන් පාසලට එතියි සැකයෙන් පාසලේ ගුරුවරයකු විසින් එම දෙමාපියන් පාසලට ගෙන්වා ඇත්දැයි යන්න සොයා බලන බව ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කීවේය.
පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා තද බල කාංසාව වැළැඳී ඇතැයි වෛද්‍යවරුන් සහතික කර ඇති මොරටුවේ පාසලක දරුවකු මාස තුනක් තිස්සේ පාසලක් අහිමිව නිවසට වී සිටින බව පසුගිය දා ලංකාදීප වාර්තා කළේය.
එම දරුවාට පන්ති කාමරයේ දී පමණක් මුත්‍රා පිටවන බව දරුවාගේ මව කියා තිබිණි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 19බී වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සිසුවාට නිතර මුත්‍රා පිටවීමට හේතුව තදබල කාංසා තත්ත්වයක් බවත්, පන්ති කාමරයේ දී පමණක් එම තත්ත්වය ඇති වීමට හේතුව එම පරිසරය තුළ ඔහුට ලැබෙන තදබල විවේචන සහ අපහාසාත්මක කවටකම් බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් එම විද්‍යාලයයේ විදුහල්පතිනියට සහ පන්තිභාර ගුරුවරියට ලිඛිතව දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ටීචව දනගස්සවන්න කෙනෙක් නැද්ද? (නදී)
මේවට ක්‍රියා කරන්න තමයි ගුරු දෙගුරු සමිති තියෙන්නේ. දැන් ඒවා නැද්ද?අපි පාසල් යන කාලේ නම් තිබුනා. මාසෙකට දවසක් ගුරුවරු දෙමාපියන් මුණගැසී සාකච්ඡා කරනවා. හැම දෙයක් ගැනම. අනේ මන්දා. දැන් රට වෙනස් වෙලා, මිනිස්සුන්ගේ මොළ පිස්සු වෙලා. "විනාශ කාලේන විපරීත බුද්ධි '' කිව්වලු. (නි)
ඉස්සර තමා ගුරුවරු දෙවිවරු වගේ කිවුවේ. දැනුත් ඉන්නවා අතරින් පතර, ඒත් ඉස්සර වගේ නෑ, ඉස්සර ගුරු දෙවිවරු කලේ සේවයක්. දැන් කරන්නේ රස්සාවක්. ඒකනේ එක එක පක්ෂවල වෘත්තිය සමිතිවල ලණු කාල වර්ජන, උද්ඝෝෂණ කරන්නේ. (ස)
කොහේහරි දැකලා තියෙනවද පාසල් දරුවෙක්ට දෙමපියෙක්ට අසාධාරණයක් වුණා කියලා ඔය ගුරු සංගම් කතා කරලා තියෙනවා? (නි)
මේ ගුරුවරියට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න නැති නම් අනාගතය අදුරු වේවි (දී)
මේගුරුවරියව ආගමානුකුලව ගොඩනැගිය යුතුයි (ස)
අමාලිගේ කතාව හරියටම හරි (නි)
කාංසාව නෙවෙ සාංකාව.(ස)
කමල් නිහාර, දන්නා බව පෙන්වන්නට කලින් මෙහි ඇති පුවත දෙතුන් වතාවක් වත් කියවා තේරුම් ගෙන කොමෙන්ට් ලියන්න. (නදී)
5 වසර සියළුම ගුරුවරුන් පහේ 5 ශිෂ්‍යත්ව අසහනයෙන් පෙළෙනවා. අපි මින් ගුරුවරුන් සහ දරුවන් ගළවා ගන්නේ කෙසේද? (නි)
අද දරුවො පමණක් නොවෙයි විශේෂයෙන් ගුරුවරු ගැනත් විමසිලිමත් වෙන්න ඕනෑ.බහුතරයක් ගුරුවරු මානසික ආතතියෙන් පෙලෙනවා.කෙටියෙන් කියනවා නම් ඔවුන් ප්‍රධාන වශයෙන් දේශපාලනිකවද,ඊළඟට ආර්ථික සහ සාමාජික ගැටළුවලින් පෙලෙනවා.මේ පිළිබඳව හොඳ ලිපියක් 2014 ජනවාරි 05 වන ඉරිදා සතිඅන්ත පුවත්පතක් වන ඇත්ත පුවත්පතට මහාචාර්ය සිරි හෙට්ටිගේ විසින් සපයා තිබුණා. මේවා එක් ශිෂ්‍යයෙක් වෙත හෝ ගුරුවරයෙක් වෙත හෝ නොව සමස්ත සමාජය මතම වැටී ඇති දෑවැන්ත ගැටළුවක්.වේදිකා මත බෙරිහන් දුන්නාට මේවා විසදෙන්නෙ නැහැ. මේවට පිළිතුරු තියෙනවා.නමුත් ගෝත්‍රික තත්ත්වයෙන් නම් පිළිතුරු නැහැ. (නි)
මෙම ගුරුවරිය මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළොත් නරකද? (නි)
මේ දරුවාට මේ කියන මානසික රෝගයට හේතුව ගුරුවරියගේ ක්‍රියා කලාපය විතරක් කියල කියන්න බැහැ. අද ගෙවල් වල ඉන්න මව්වරුත් පහ වසර ළමයින් ගේ කන් කෙටියෙන් අල්ල ගත්ත ගමන්මයි. නැගිට්ට වෙලාවේ ඉඳල උපකාරක පන්ති. ඒ මදිවාට අනිත් ළමයින් සමග සංසන්දනය කරමින් අහවලා ට වඩා හොඳින් පාස් වෙන්න ආදී වශයෙන් ළමා මනසට ඔරොත්තු නොදෙන ඉලක්ක දෙනවා. ළමයාට සෙල්ලම් කරන්න විනොදාංශයක යෙදෙන්න වෙලාවක් නැහැ. මම නම් කියන්නේ හැම පැත්තම සොයා බලා දරුවාට යහපතක් කරන එක හොඳයි. (නදී)
මෙම දරුවට පන්තියේ මුත්‍රා පිට වන්නේ දරුවාගේ මනස තුල ඇති වූ යම් කිසි බලපෑමක් නිසා. මෙය සුව කල හැකිය. මනෝ චිකිත්සකයකු වෙත දරුවාව වහාම පෙන්වන්න. (නදී)
කොහොමත් මේකට පරික්ෂනයක් පවත්වන්න ගත්ත තීරණය සුබයි. එක එක මානසිකත්වයෙන් පෙලෙන මෙවැනි ගුරුවරුන්ට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි.(නදී)
මට නම් පේන්නේ මේ ගුරුවරියට යම් මානසික ප්‍රශ්නයක් තියෙනවා වගේ. මානසික සායනයකට යොමු කරන්න මුලින්ම. (ස)
සියලුම ගුරුවරුන් මානසික වෛද්‍යා පරීක්ෂණයකට යොමු කළොත් නරකද?? රටේ අනාගතය වෙනුවෙන් අපිට නොකළැකි දෙයක් නැහැ නේද??(ස)
අර විදුහල්පති ප්‍රශ්නය අමතක වෙයිද ?? (ස)
පළමු වසර සිට පහ වසර දක්වා සැම පාසලකම කුඩා දරු දැරියන්ට (ආදරය , කරුණාව , දයාව, රැකවරණය , ඉහලින්ම බලාපොරොත්තු වන වයස) ශාරීරික හා මානසික පිඩා සිදු කරනවා ද කියල සොයා බලනවානම් මෙවැනි පුවත් වාර්තා නොවනු ඇත. ප්‍රාථමික පන්තිවලට වෙනම විදුහල්පති කෙනෙක් සිටිනවා. එම විදුහල්පතිනියට පන්ති නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් නැත්ද? නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තෙක් අධ්‍යාපන බලධාරීන් හා එම පාසලේ විදුහල්පති සිටියේ කොහෙද? කුඩා ළමුන්ට පන්ති කාමරය වදකාගාරයක් නොවන සේ පවත්වා ගැනීමට ගුරු භවතුන්ට යහපත් සිතුවිලි පහල වේවා ...! (ස)
සාංකාව කියන්නේ එකක් කාංසාව කියන්නේ ලෙඩක්..පව් අහිංසක දරුපැටව්..(නදී)
කොහොමත් මේ රටේ පහ වසර දරුවන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ටත් මෙම පීඩාව තියෙනවා.ඒකට ඉතින් මේ අධ්‍යාපන රටාව වෙනස් කළ යුතුයි. එක එක අය ඒකට දක්වන ප්‍රතිචාර අනුව තමයි මේවා වෙන්නේ. පසුගිය කාලේ ශිෂ්‍යත්ව ප්‍රතිපලවලින් පස්සේ සමහර දෙමාපියන් හැසිරුණු හැටි අපි දැක්කනේ ! (ස)
කනගාටුයි. කුඩා ළමයින්ට ගුරුවරුන්ගෙන් අකටයුතුකම් සිදුවෙද්දීත් එම ගුරුවරුන් සුදු හුණු ගාන උද්ඝෝෂණ කරන දෙමවුපියොත් ඉන්නවනේ. මොන ප්‍රතිලාබ බලාගෙනද දන්නේ නෑ. මුකුත් නෙවේ මෝඩකම, එකෙක් පාගල දාල හරි කමක් නෑ තමන්ගේ ළමයට 1 අරගෙන දෙන්න බලන්නේ. (ස)
ගුරුවරු, දොස්තරලා, හෙදියෝ වගේ අයට විරුද්ධව මුකුත් කරන්න බැරි ලෝකයක් මේක. මොනවා හරි කරොත් වර්ජනය කරනවා. (ස)