
(අංජුල මහික වීරරත්න)
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර් පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර ඇත.
එම වවුචර් පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබ සාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කරනු ලැබ ඇති තිළිණ පත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබා දීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, එම වැඩසටහන යටතේ පහත සඳහන් පරිදි සිසුන් තෝරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* සමස්ත දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 644,000.
* ශිෂ්‍ය සංඛ්‍යාව 251-500 දක්වා වන වතු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 53,093.
* විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30 ක 35 2,300.
* පිරිවෙන් වල තෝරාගත් ගිහි/ පැවිදි සිසුන් 30,000.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුත්තේ වව්චර් දීම නොවේ. සපත්තු මහල දෙන්න පුළුවන් විදිහේ රජයේ ආයතනයක් එන්න ඕනේ. එතකොට පුළුවන් අමුද්‍රව්‍යවලයි ඒකේ වැඩ කරන මිනිස්සුන්ගේ පඩි නඩි බේරලා රජයට වෙන හානි අවම කරන් මේ වැඩේ කරන්න.
ඒක හොද දෙයක්,නමුත් ලබා දිය යුතු දරුවන් හරියට තෝරා පත් කර ගන්න ඕනි. අනිත් එක එම දරුවන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඒවා ලබා දිය යුතුයි. ඉහතින් දාලා තියෙන යෝජනාවත් හරියටම හරි. පරිසරය දූෂණයත් අවම වෙනවා.