
(ෂේන් සෙනෙවිරත්න)
පොලිසිය මේ වන විට ක්‍රියාත්මක කොට ඇති විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම් බොහෝ දුරට අඩපණවී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
පොලිස්පතිවරයා මෙසේ ද කීය.
අපරාධකරුවන් රැඳී සිටින විදේශ රටවල් සමග රජය මැදිහත් වී සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් අපරාධකරුවන් රැසක් ඉදිරියේදී මෙරටට ගෙන ඒමට ක්‍රියා කරමින් සිටිනවා
පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් සැලකිය යුතු පාලනයකට අප යටත් කොට තිබෙනවා.
අපරාධයක් සිදු වූවහාම ඒ පසුපස පොලිසිය හඹා ගොස් ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකොට තිබෙනවා.
මේ අපරාධවල මෙහෙයුම්කරුවන් සිටින්නේ විදේශගතවයි. ඔවුන්ගෙන් මේ වන විට තිස් දෙදෙනකු මෙරටට රැගෙන විත් තිබෙනවා. මීට දිනකට පෙරත් ඉතා දරුණු ගණයේ අපරාධකරුවකු දිවයිනට රැගෙන ආවා.
මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අපට හොඳ විදේශ සම්බන්ධතාවයක් ගොඩනැගී තිබෙනවා. විදේශ රටවල බලධාරීන් පොලිසියේ ක්‍රියාදාමයනුත් රජයේ වැඩපිළිවෙළත් අගය කරමින් සිටිනවා. ඒ හරහා ඉදිරියේදී තවත් සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව වසර උදාවත් සමග ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd