
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අයවැය ප්‍රමාණවත් නොවන හෙයින් ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන එන ලෙසත් විපක්ෂය ලෙස ඊට සහාය දෙන බවත් කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
'ඇතිවෙච්ච ආපදා තත්ත්වය උඩ මේ අයවැය අදාළ වෙන්නේ නෑ කියලා කියන්නත් පුළුවන්.නමුත් අයවැය සම්මත කරගන්න වෙනවා. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිබෙන ගිවිසුම් මෙන්ම ඊළඟ වාරිකය ලබා ගැනීම සඳහා එක කොන්දේසියක් වන්නේ මේ අයවැය සම්මත කර ගැනීමයි.
නමුත් මේ අයවැයෙන් අපට ඊළඟ වසරේ වියදම් කළ යුතු ප්‍රතිපාදන සහ තිබෙන ප්‍රශ්නය සමඟ මේ අයවැය ප්‍රමාණවත් වන්නේ නැහැ.ඒ නිසා හැකි ඉක්මනින්ම පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ජනතාවට අවශ්‍ය මුදල් වෙන් කරන්න. අප විපක්ෂය ලෙස ඒ සඳහා උපරිම සහයෝගය දෙන්න සූදානම් යැයි මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහයෝගය නොදුන්නත් 2/3න් සම්මත වෙනවානේ....
මෙම ප්‍රවෘත්තිය හොඳයි බයියෝ සතුටු කරන්න
පාර්ලිමේන්තුවේ ඇතුලේ කියනවා සහය දෙනවා කියලා. එළියට ගිහින් කියන්නේ සුළගේ නැවැත්තුවේ නෑ කියලා... ඊළග සැරේ ඔයාලා ජනතාවට බැලුන් බෙදා දෙන්නේ සුළග එනකොට අල්ලන්න.
තමුන්ලාගේ සහාය නැති උනාට කාරි නැහැ.ජනතාවාදි ආණ්ඩුව එයාලගේ රාජකාරිය කරාවි.
සහාය එපා, බොරු සමාජගත නොකර ඉන්න. 12 කාලගුණය කියපු එකක් අල්ලගෙන වැලලෙනව, ඊට ආසන්න 23/24 කියපු අනාවැකි නොදැක්ක වගේ ,කුණාටු තුනක් හැදුන 12 ඉඳල දෙකක් හානියක් නැතිව අවසන් උනා අන්තිම එක හැදුන බව කාලගුණ කට්ටියවත් දන්නෙ නැහැ, ඒකට නම දැම්මෙත් අපේ රටට වෙච්ච හානියට පස්සෙ , ඒකයි ඇත්ත ,ජෝතිශ්‍ය කාරයො වගේ අනාවැකි වලට රජයකට කටයුතු කරන්න බැහැ.මරික්කාර් මුජිබර්
කිසිම උදව්වක් අවශ්‍ය නැහැ. වරායෙන් බෙදන් බත්මුල අරන් ගෙදර ගිහින් කාලා නිදාගන්න.
කරකියා ගන්න දෙයක් නැති දූෂිත දේශපාලුවන්ගේ වහල්ලු නම් අන්ලයික් කරලා තියෙනවා...
මෙයාලා රෙදි ඇඳපු පැහැදිලි සත්තු. ඒක හැසිරීමෙන් ඔප්පු කරනවා.