
(සුමිත් පොතුපිටිය)
තැඹිලි කපන පිහියකින් තරුණයකුගේ පපුවට සහ බඩට පිහිපහර 5 ක් ඇන ඝාතනය කලැයි පරිඝණක ඉංජිනේරු වරයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මාතර , කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටී 29 හැවිරිදි වෙළදගොඩ හේවගේ සචිත් තමාල් නමැත්තාට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි .
සැකකරු පානදුර ප්‍රදේශයේ පෞද්ගලික පරිඝණක විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යනු ලබන බවත්, ඝාතනයට ලක්වූ තැනැත්තා ඔහුගේ යටතේ සේවය කර ඇති බවත් මුදල් සම්බන්ධ ගැටලුවක් දුරදිග යාමෙන් පසු සැකකරු ගේ නිවස ඉදිරිපිටදී ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්පියුටර් වයිරස් එකක් පාවිච්චි කෙරුවා නම් කවුද කෙරුවේ කියලා හොයාගන්න බැරිවෙනවා...
උගත්කම් වැඩක් නෑ... ලිම්බික් පද්ධතිය පාතාලයෙකුගෙ වගේ නම්. තමන්ගේ ආවේග පාලනය කරගන්න තරම් විනයක් මනසේ නෑ. මෙවන් බොහෝ උගතුන් දැනටමත් හිරගෙවල්වල ඉන්නවා. මෙයාටත් ඒ ටිකමයි. ජීවිතයම ඉවරයිනේ...
දගලන්න ඇති ඉගෙන ගෙන ඉගෙන වැදගත් සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් රස්සාවක් කරන්න ඒවාට දීගලුන්ට අධ්‍යාත්මක පැත්තෙන් දියුණු කරගන්න දගලන්නැ නෑ වගේ කාටත් හොඳ පාඩමක්