
(සුජිත් හේවාජුලිගේ )
අගහිඟකම් ඇති විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරුණා සහගත දීමනාවක් ගෙවීමට රජයේ අවධානය යොමුවී ඇත.
අගහිඟකම් දැනුම් දෙමින් ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙලෙස දීමනාවක් ගෙවීමට අදහස් කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විදේශයන්හි ලබා දෙන වරප්‍රසාද හෝ පහසුකම් මොනවාද යන්න ගැනද රජය අවධානය යොමු කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නුදුරේදී ඉදිරිපත් කිරීමට නියමිතය. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය පසුගියදා ලැබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන්( බිරිඳ හෝ සැමියා) 512 දෙනකුගේ විශ්‍රාම වැටුප, විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසුව අහෝසි වී යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණා දීමනාව පැන්ෂන් එකට වඩා වැඩිවෙයිද දන්නේ නැහැ.
හොදට හොයලා නිසි විමර්ශණයකින් පසු පමණක් දීමනා ලබා දෙන්න. නැතිනම් පරම්පරා ගණනකට යටිමඩි ගහලා බොරුවට අහිංසක බව පෙන්නාවි.
වාල් ඩිසන්ත, හාවගේ, යටත් විජිත, පච කොටා වගේ අයත් මේකට කවදා හරි දවසක් අයිති වෙයි.
දුන් පොරොන්දුවක් ඉටු කිරීම ගැන සතුටුයි. නමුත් මොකටද වෙනත් කරුණාවෙන් ලබාදෙන්න යන දීමනාව නැවැත්තුවා නම් නැවැත්තුවා එච්චරයි...
චින්තක, කොහේද පොරොන්දු ඉටු කළේ...? ඊයේද ඉපදුනේ...?
චින්තක පුවක්දණ්ඩාවේ සනා වෙන්නත් බැරි නෑ.
මොවුන් ටික කෙහෙල්කනුත් අරගෙන. අන්තිමට පෙන්ෂන් එක වෙනුවට වෙන එකකුත් සෙට් කරගෙන ගෙදර යන්න වගේ හදන්නේ.
ඉක්මණටම ගෙදර යන්න වෙන බව දැනගෙන පෙන්ෂන් එක හදාගන්න යන්නේ...
ඕක අමුතුවෙන් අධ්‍යයනය කරන්න ඕනි නැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් රජයේ සේවකයෝ වගේ විශ්‍රාම ක්‍රමයට ගන්න. ඊට පස්සේ ඔවුන් එකට ගෙවන කාලයට සාපේක්ෂව (අවුරුදු 10 වගේ අඩුම කාලයකට යටත්ව) ඔවුන්ට විශ්‍රාම දීමනාව දෙන්න. උදාහරණයකට අවුරුදු 30-40 ගෙවන කෙනෙකුට උපරිම විශ්‍රාම වැටුපක් ලැබෙනවා, අවුරුදු 10ක් වගේ ගෙවපු කෙනෙකුට උපරිමය ගන්න කෙනෙක්ගේ 20-30% වගේ ලැබෙනවා. එහෙම නැතුව පිනට විශ්‍රාම දීමනාවක් කාටවත් දෙන්න ඕනි නැහැ.
කියන දේ කරන මෙම රජය බුද්ධිමත්ව සහ කල්පනාකාරීව ඉතා ඕනෑකමින් සිය පරිණත භාවය ප්‍රදර්ශණය කරමින් රටේ ඉදිරි ගමන යන බව අපිට පෙනෙන්නට තිබේ. ඒ කොතරම්ද කියනවා නම් විපක්ෂ දේශපාලනයක් දැන් මේ රටේ නැති තරම්ය. කට වචාලකමට දොඩවන කිහිප දෙනෙකු සිටියත් ඔවුන්ට රැවටෙන ජනතාවක් නම් තවත් නැත.
මන්ත්‍රී හෝ ඇමැති වී සිටියදී ත්‍රස්තවාදී ක්‍රියා නිසා මිය ගිය යැපෙන්නන්ට දීමනාවක් ගෙවිය යුතුයි. අරගලයේදී මරාදාපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ අයගේ බිරින්දෑවරුන්ට...
හැම දෙයකම සාධාරණයක් තිබෙන්න ඕනේ, පුද්ගලික අන්ශේ සේවකයාටත් EPF / ETF තිබෙන විට මන්ත්රිලට මුකුත්ම නැතිවෙන එක අසාධාරණයක්, මන්ත්රිලාට විශ්‍රාම වැටුප් ගෙවපු ක්‍රමය පැරණි ක්‍රමයට මමත් විරුද්ධයි... නමුත් මේකට විසදුම මන්ත්‍රී වැටුප සම්පුර්ණයෙන් කපා හරින එක නොවේ කරුණාකර ඉදිරියට මාසික වැටුපට අධාල EPF/ETF එක රජය මගින් මන්ත්‍රිලාගේ නමට සේවක අර්ථසාධක අරමුදලට ගෙවන්න , ගෙවන්න , එතකොට මේ ප්‍රශ්නේ විසදෙනවා , නැතිනම් වෙන්නේ කවදා හරි වෙන ආණ්ඩුවක් පැමිණි දිනෙක දේශපාලන පාලි ගැනීම් කියල හැමෝම ඇරියස් එකත් එක්ක පැන්ෂන් එක හදාගනිවී...
අපි වැටුප් ගන්නේ නැහැ කියල අවේ නමුත් වැටුප පැලවත්තේ එකවුන්ට් එකට යනවා , සුවසැරියටත් අලුත් නමක් දමන්න හැදුවේ , ඉන්දියාවේ බලපෑම මත එකත් අකුලා ගන්න සිදු වුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප තහනම් කරලා එකටත් මන්ත්‍රී වැඩිහිටි දීමනාව කියලා මොකක් හරි කරාවිද දන්නේ නැහැ.
වසර 30 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර රාජ්‍ය සේවක විශ්‍රාම ගිය 2016/2019 අතර අයට අහිමි කොට තිබුණු වැටුප වහාම ලබා දෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් මෙම රජය ඔවුන්ට හිමි මුදල් ලබා දීම පියවර ලෙස යැයි කියමින් උපක්‍රමශීලී ලෙස කල් දමා ඇත. ඒ අයට මෙවැනි කරුනා දීමනාවක් ලබාදීමට කටයුතු කිරීම වසර 5ක කාලයක් මංත්‍රීකම කළ අයට ලබාදීමට වඩා යෝග්‍ය වේ ඒ නිසා ආසාධාරණයට ලක් වූ විශ්‍රාමික ප්‍රජාව ළගදීම මෙවැනි කරුනා දීමනාවක් ඉල්ලා සිටිනු ඇත තවත් අනවශ්‍ය ගැටලු ඇති විය හැකි යෝජනාවක් බව පෙනේ...