
(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලංකාවට රැගෙන විත් රහස් පොලිස් භාරයේ රඳවාගෙන සිටින නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට රහස් පොලිස් නිලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ මව ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (19) නියම කළේය.
සැකකරුගේ මව ගොනු කළ පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග නමැත්තාගේ මව ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් සිටින නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග නමැත්තා තමාගේ පුත්‍රයා බවත් මේ වන විට ඔහු රහස් පොලිස් භාරයේ රඳවාගෙන සිටින බවත් සඳහන් කරන පෙත්සම්කාරිය රහස් පොලිස් භාරයේ රඳවාගෙන සිටින තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින්නීය.
රැඳවුම් භාරයේ රඳවාගෙන සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුව මේ වන විට රහස් පොලිස් භාරයේ රඳවාගෙන සිටින තම පුත්‍රයා සම්බන්ධයෙන්ද අනුගමනය කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි පෙත්සම්කාරිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නීය.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වැනිදා කැඳවීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
882
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පානදුර නිලංගගේ මවගේ පෙත්සමට දින දෙයි