
(රෝෂන් තුෂාර)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරට රඳවා ප්‍රශ්න කෙරෙන මන්දිනු පස්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ, ගනේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බවට වන රහස් වාර්තාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධාංශය අද ඉදිරිපත් කළේය.
ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව දින 90ක් රඳවා ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේ යන අය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන මගින් මෙම වාර්තාව ඉදිරිපත් කරන බවද පැවසීය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නිරීක්ෂණයක් සිදුවී ඇත්දැයි විමසා සිටියේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් තබා ඇති බවත්,අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසීය.
නඩු වාර්තාව සේප්පුවේ බහාලීමට නියෝග කරන ලෙස ද රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
අදාළ නඩු වාර්තාව සේප්පුවේ තැබීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඔක්තෝම්බර් 13 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
882
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පද්මේගේ ඝාතන ඇතුළත් රහස් වාර්ථාව අධිකරණයට