IMG-LOGO

නේවාසික රෝගීන්ට ප්‍රනීත් ආහාර වේලක්

(නිමල කොඩිතුවක්කු)

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් ඊයේ(6) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ප්‍රනීත, ගුණදායක ආහාරවේලක් ප්‍රියමනාපව රෝගියාට ලබා දීමේ අවශ්‍යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කළත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු මතුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (5)

නේවාසික රෝගීන්ට ප්‍රනීත් ආහාර වේලක්

Asela Sunday, 06 July 2025 02:38 PM

අගය කළ යුතු පුවතක්... අගය කරනවා. ඒ වගේම රෝහලේ නිකරුණේ සේවය කරන සේවකයෝ ඉන්නවා, රෝගියා එක්ක කතා කරන්න වැටුප් ලබන සේවකයෝ විදිහට බාහිර කාන්තාවන්/ පිරිමින් ඉන්නවා. මේක රෝහලේ පිළිකාවක්. හෙදියන්/වෛද්‍යවරුත් මේ මාෆියාව දන්නවා. දුප්පතුන්ගේ යහපත සඳහා, කරුණාකර මේ ගැන සොයා බලන්න.

:       2       22

pj Monday, 07 July 2025 09:10 AM

කෑමට පෙර හෝ පසු බෙහෙත් දෙන්නත් අමතක නොකරන්න...

:       0       2

MD Monday, 07 July 2025 09:15 AM

රෝහල්වල පිරිමි attendant කෙනෙක් හොයාගන්න ඵක තමයි ලොකුම ගැටලුව.ඵයාලාට මොකක් හරි ඉලෙක්ට්‍රොනික් පළඳනාවක් අතට හරි කකුල්වලට හරි සවිකරනු.වෙනම පාතාල සිස්ටම් එකක් ඵතන යන්නෙ.බලධාරීන්ට ඇසෙන්නට දකින්නට ලැබේවා.

:       0       1

Bunny Preena Monday, 07 July 2025 09:23 AM

මමත් දවස් 3ක් රාගම රෝහලේ නේවාසිකව හිටියා. දීපු කෑම බොහොම පිරිසිඳුවට රසට තිබුණා. 3 වේලටම කෑවේ ඉස්පිරිතාලෙන්. එළවළු 3ක් සමඟ මොනවහරි මාළුවක් තිබුණා. කෑම බෙදන කට්ටිය ආහාරය බෙදුවේ ආදරෙන් බොහොම කරුණාවෙන්. සමහර අයට එය වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වේ අවංකව මට දැනුණු දෙය . වෛද්‍ය කාර්ය මණ්ඩලයත් එහෙමමයි. ආහාර වෙලාවල ගුණාත්මක භාවය වැඩි කරන්න කරන යෝජනාව අගය කළ යුත්තක් . ලෙඩ්ඩු බලන්න ගෙදරින් එන සමහර අයට අත වනවන එන්න පුළුවන් කෑම පාර්සල් උස්සන් එන්නේ නැතුව.

:       0       4

Jayasekara Monday, 07 July 2025 10:43 AM

කොළඹ මහ රෝහලේ සේවය අතිවිශිෂ්ටයි... 10% වගේ අපතයෝ ඉන්නවා... ඒක කොහොමත් හැම තැනම තියෙනවා... නමුත් සමස්තයක් විදියට බැලූවම එහි සේවය හරිම ගුණාත්මකයි... සුලු සේවකයන් සිට ඉහළ පුටුවල ඉන්න අයට ප්‍රණාමය...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 530 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 958 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site