
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම නිසා දෙවුන්දර තුඩුවේ සිට ඩෙල්ෆ් දක්වා චන්ඩි ඔක්කොම නොන්ඩි වී තිබෙන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත 1994 වසරේ දී පිහිටුවනු ලබනවා.නමුත් එය 2015 වනතෙක් පුළුල් ලෙස ශක්තිමත් වී නැහැ.2023 අගෝස්තුවේදී වත්මන් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කර තිබෙනවා.ආයතන පිහිටෙව්වාට මදි .ඊට අවශ්‍ය පරිපාලනමය,ආයතනික නීතිමය පහසුකම් ලබා දුන්නේ නැතිනම් එම ආයතන බිඳ වැටෙනවා.පනත සංශෝධනය කර අදාළ නිලධාරීන් ලබාදීම පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා.මේ වන විට සැලකිය යුතු තරමකින් නිලධාරින් පත්කරමින් සිටින අතර මුදල්ද වෙන් කරමින් සිටිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වසන්ත සමරසිංහ මහපොළ දෙන්න ආපු කොරියානු සමාගමෙන් කෝටි 40ක් ඉල්ලුවා කියන එකත්, හඳුන්නෙත්ති වෛද්‍ය උපකරණ සමාගමකින් ගාණක් ඉල්ලුවා කියන එකත් අල්ලස් ගැනීමක් නෙවෙයිද, ගොනෝ?
පුළුවන් තරම් තවත් නිලධාරීන් බන්ධනාගාරගත කරගෙන දූෂණ සහ වංචාවන්ට විරුද්ධව බෙහෙලා කටයුතු කරන්න. ඒක මහජනයාට ලොකු සෙතක් වෙනවා. වර්තමාන ආණ්ඩුවෙත් කවුරුහරි දූෂණ සහ වංචා වැඩවලින් හම්බ කරන්න හිතාගෙන මන්ත්‍රී කෙනෙක් හැටියට පත්වෙලා ඉන්නවා නම්, එගොල්ලන්ටත් මේකෙන් වැට බැඳෙනවා. ඒක හොඳ දෙයක්.