(යොහාන් භාසුර)
බංග්ලාදේශයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා ආරම්භ වන විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස හිටපු නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබේ.
දසුන් පසුගිය වසරේ (2024) ජූලි මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නොමැති අතර චාමික කරුණාරත්න 2023 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නැත.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරගය මහනුවර, පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දසුන් - චාමික විස්සයි20 සංචිතයට කැඳවයි