IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත අස්වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන්  ලැබුණු පැමිණිල්ල විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇති හෙයින් ඒ වෙනුවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

අධික කාර්ය බහුලත්වය නිසා එම කමිටුවේ සේවය කිරීමට නොහැකි බව ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇතැයි ද කතානායකවරයා කීය.



අදහස් (5)

දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත අස්වෙයි

C.K.Lankaputhra Friday, 06 June 2025 10:27 AM

දී කිරි නිසා විරුද්ධව වැඩ කරන්න බැරුව ඇති.

:       0       2

කෝරලගේ Friday, 06 June 2025 10:44 AM

මල්ලි අපි ඔක්කෝම යාළුවෝ මල්ලි. ඒකයි මේ අස්වෙන්නේ. දයාසිරිගේ ටොම් පචයා අමු කුහක කමට කියපු කුණු කතාවක්. ඇත්තටම Npp ආණ්ඩුව අද රටේ සත පහක‍ හොරකමක් නැතුව හොඳට කරගෙන යනවා. ඇත්තටම දයාසිරි වගේ හොර තක්කඩියන්ට ඡන්දෙ දෙන මන්ද බුද්ධික ජනතාවක් තවමත් අපේ රටේ ඉන්නවානේ...!

:       2       11

maalaka Friday, 06 June 2025 11:01 AM

යාළුවනේ...?

:       1       5

Rata Perata Friday, 06 June 2025 11:24 AM

ගයන්ත, දයාසිරි කියන්නේ එකවල්ලේ පොල්... ඉතින් කොහොමද රට වෙනුවෙන් සේවය කරන්නේ? එයාලා සේවය කරන්නේ ඒ අය වෙනුවෙන්...

:       2       7

Hemantha Friday, 06 June 2025 12:11 PM

මොකටද ඕකට විපක්ෂයෙන් කෙනෙක් දැම්මේ...? ඒකටත් කෙනෙක් දාගත්තා නම් ඉවරයි...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 296 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 300 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 460 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site