
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දිට්වා සුළි කුණාටුව දකුණු ඉන්දියාවටත් ගිය නමුත් එරට ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් පමණක් බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කුණාටුව නවත්තන්න පුළුවන් කමක් නැති වුනත් හානිය අවම කරගන්න ආණ්ඩුවක් ලෙස සමත් විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.
"රටට උදව් කරන ලෙස විපක්ෂ නායකතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.මේ ආපදා තත්ත්වය ගැන විපක්ෂය විවාදයක් ඉල්ලුවත් ඒකාධිපති ආණ්ඩුව ඒකට ඉඩ දුන්නේ නැහැ.මේ ව්‍යසනය ගැන දන්නේ 25 වෙනිදා යැයි මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශ කළා.
කාලගුණය සම්බන්ධව ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි.එතුමාගේ දත්ත අනුව ආණ්ඩුව කටයුතු කළ යුතුයි.මේ කුණාටුව දකුණු ඉන්දියාවටත් ගියා.ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් විතරයි.කුණාටුව නවත්තන්න පුළුවන් කමක් නැති වුනත් හානිය අවම කරන්න පුළුවන්.කුණාටුව ගැන අනතුරු අඟවන්න පටන් ගත්තේ සති දෙකකට පෙර සිටයි.ආණ්ඩුවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති බීරි මිනිස්සු දැයි මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු තවම කරන්නේ පරණ දේශපාලනය. කුණාටුව කොතරම් දුරට ඉන්දියාවට ගියාද කියලා මෙතුමාට දැනීමක් නැති බවයි පෙනෙන්නේ...
ආණ්ඩුව fail කියමුකෝ, එතකොට අත්දැකීම් තියන විපක්ශයේ කටිටිය මේක දැක්කේ නැත්ද, 21 රැස්වීමේදී මෙම පිළිබද කියන්න තිබ්බානේ. එහෙනම් ගොඩාක් කට්ටිය බේරා ගන්න තිබ්බා. මේක දැනගෙන කියන්නේ නැතුව හිටිය media කට්ටියත් වැරැදියි!
මේ මිනිහා දන්නේ නැත්ද සුලිකුණාටුව ඉන්දියාවට ඇතුළු නොවුණු බව... ඉන්දියාවට කිට්ටු කරණකොට දුර්වල වුණු බව... මේ වගේ මොංගල් එවුන් තවත් පාර්ලිමේන්තුවේ ඉන්නවානේ...
ඒකෙ පොඩ්ඩක් අපිටත් ආවා. මෙහේ මොකවත් වුනේ නෑ. ඉතිං අපි චෝයිද?
හරි ආසාවෙන්. දැන් ඉන්නේ මෙහෙම දෙයක් වුණු නිසා නේද? ආන්ඩුව පෙරලෙයි කියලා එදා සුනාමිය ආපු වේලාවේ... බීරි අලියෝ මොනවාද කෙරුවේ. යහමින් හොරා කෑවා. මයිනත් එක්ක අද එහෙම දේවල් වෙනවාද? එක සතයක් දුන්නාද? එදා දුප්පත් පවුලකට... අද කොහොමද? ආන්ඩුව කොහොමද මිනිසුන්ට සලකන විදිය. පිටරටින් ඉල්ලන්න කලින් ආධාර එනවා. දන්නවා හොරා කන ගොබ්බයෝ නැහැ කියන්න. මම හිතන්නේ දෙවියෝ ඊළගට ලොකු සුද්දයක් දෙනවා ගොබ්බ රැල නැති වෙලාම යන්න...
ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු තවත් අපතයෙක්. බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයෙකුට මොනවා කියන්න බැරිද? මහ ලොකු අනාවැකිකාරයෙක් කියලා හිතාගෙන ඇති...
තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ මැරුණු ගාණත් ඔය ගමන්ම කිව්වේ නැත්තේ ඇයි...?
විපක්ෂයෙ හෝදන මහත්තුරුන්ගෙන් මේ අහන්නේ. ලංකාවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියලා එකක් තියෙනවා... රජයේ ආයතනයක්. එයාලා හැදුවා නායේ යන අවදානම් රතු ලැයිස්තු සිතියම 1997. අද 2025 අමතක අයට මතක්කරන්නේ... අවුරුදු 28ක් ගිහින්. නාය යෑමෙන් මැරිච්චි කී දෙනෙක් අන්න ඒ රතු ප්රදේශවලද? එහෙනම් අන්න ඒ මරණ වලට දැන් වගකියන්න ඕනේ කවුද? 1997 ඉදන් අවුරුදු 27 රට කරපු මිනිස්සුද, බංකොලොත් වෙච්චි රටක් ගිය අවුරුද්දේ අතට ගත්තු අයද? ඔබතුමාලාගේ මේ තියෙන තුන්වෙනි පංතියේ කුහක, මෝඩ, එළිපිට නිර්වස්ත්‍ර දේශපාලනයට විරුද්ධව තමා අපි ඡන්දේ දුන්නේ. මෙහෙම හානිකම් ඉතින් ආයේ කවදාවත් විපක්ෂෙට දෙන්නේ නැහැ.
පාස්කු ප්‍රහාරය වෙනකොට මෙයා තමා මහජන ආරක්ෂක ඇමැතියා.
චතුරි ඔයා මොනවද සුනාමි විපත ගැන දන්නේ? මේ ගං වතුරෙන් තවම 500 ක් වත් මැරිලා නෑ. ඒත් සුනාමියෙන් එක පැයට ලංකාව වටේම 40,000 ක් මුහුදට හෝදන් ගියා. සුනාමිය කියන්නේ මොකද්ද කියලාවත් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ පුරාම කිසිම කෙනෙක් සුනාමියක් කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. ඒ මදිවට උතුරු නැගෙනහිර යුද්දේ. 2000න් පස්සේ ඉපදුනු ළමයි නිසා සමාව දෙමු.