IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


තිළිණි පියුමාලි හෝමාගම පොලිසියේ පෙනී සිටින්න නියෝග

(කේ බුද්ධික කුමාරසිරි)

හෝමාගම දිසා අධිකරණයෙහි සිතාසි බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්න්නාගේ රාජකාරියට බාධා කරමින් අධිකරණයේ කටයුතු වලට හිතාමතා බාධා කිරීම සහ යුක්තිය ඉෂ්ටවීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියුමාලි නැමත්තියට හෙට (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) දින නියෝග කළාය

විත්තිකාර තිළිණි පියුමාලි නමැත්තිය ඉකුත් ජුනි 16 දින අධිකරණයෙහි විභාගවන නඩුවක් සඳහා පෙනීී සිටීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙන බැවින් එම විත්තිකාරිය වෙත ලබාදීමට නියමිත සිතාසියක් එදිනට ලබා දෙන ලෙස පැමිණිල්ල විසින් සිදුකළ ඉල්ලීමක් මත  දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි එම අධිකරණයෙහි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය විසින් අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී එම සිතාසිය විත්තිකාරිය වෙත ලබාදීමට කටයුතු කර ඇත

එම අවස්ථාවේදී විත්තිකාර තිළිණි පියුමාලි විසින් මාර්ගයේ ගමන් කළ ජනතාව ඉදිරිපිටදී සිතාසි බෙදන්නාට බැණ වදිමින් අදාල සිතාසිය උදුරාගෙන එහි පිටුපස කුරුටුගා කිසිවක් ලියා නැවතත් සිතාසි බෙදන්නා වෙත එම සිතාසි පත්‍රය දමා ගසමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් බැණ වැදී ඇතැයි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය අධිකරණය වෙත සිදුකළ පැමිණිල්ලේ සඳහන්ව ඇත

මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශනය කටයුතු සිදු කරමින් සිටින අතරතුර විත්තිකාර තිලිනි ප්‍රියමාලී යන අය අද (14) දින අධිකරණයෙහි පෙනී සිටියද ඇය පිළිබඳව පොලිස් විමර්ශනයක් සිදුකර නොමැති බවත්  පොලිස් විමර්ශනයකින් සැකකරුවෙකු ලෙස හඳුනාගත් අයෙකුට පමණක් අධිකරණය වෙත පෙනී සිටිය හැකි  බැවින් එම විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමට තම විරෝධය පළ කරන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්‍රම පෙරේරා මහතා අධිකරණය කරුණු දැක්විය

අධිකරණයේ නිලධාරියකුට සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබියදී ඒ පිළිබඳව විමර්ශන ප්‍රමාද වීම පිළිබඳව මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියාය

එහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිට නිලධාරියා අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා සිටියේ විත්තිකාරිය සොයා කිහිප වතාවක් ඇයගේ නිවස වෙත ගියද විත්තිකාරිය පොලිසිය මගහරිමින් කටයුතු කිරීම නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි

එම අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරිය " මෙම පැමිණිල්ල අධිකරණයෙහි නිලධාරියෙකුට සිදුවූ බලපෑමක් පිළිබඳව සිදුකර තියෙන්නෙ. පොලිසියේ කාට හරි එහෙම දෙයක් වුණා නම් පොලිසිය මෙච්චර කල් බලන් ඉන්නවද? මේ විදියට අධිකරණ නිලධාරියෙකුට ගහලා ගියත් මොකුත් කරන එකක් නෑනෙ. අවම වශයෙන් අද දිනයෙවත් පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරලා නෑ. යනුවෙන් විවෘත අධිකරණයේදී පැවසුවාය

ව්‍යාපාරිකා තිළිණි පියුමාලි වෙනුවෙන්  නීතිඥ උදුල් පේමරත්න මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්කම් පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින ලදී



අදහස් (0)

තිළිණි පියුමාලි හෝමාගම පොලිසියේ පෙනී සිටින්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site