සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව, ආනයන අපනයන බලපත්‍රය නොමැතිව රේගු ආඥා පනතද උල්ලංඝනය කරමින් තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ ඉතා දුර්ලභ කුරුල්ලන්, සාවුන්, කටුස්සන් ඇතුළු සතුන් 26 දෙනෙකු සමග ශ්‍රී ලාංකික කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය මීගමුවේ පදිංචි 36 හැවිරිදි කතකි. ඇය බල්ලන් අලෙවි කරන කාන්තාවක් බව රේගුව කියයි.
ඇය මේ මාසයේ පමණක් හතර වතාවක් තායිලන්තයට යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.
රෛවියන් දහයක්, හාවුන් හය දෙනෙක්, දුර්ලභ කටුස්සකු, ලව් බර්ඩ්ස් දෙදෙනකු සහ හඳුනා නොගත් කුරුල්ලන් හත් දෙනෙකු ප්ලාස්ටික් කූඩු වල සහ එස් ලෝන් බට වල දමා තම ගමන් මල්ලේ මේ සතුන් ඉතා හිංසාකාරී වන අයුරින් රැගෙන විත් ඇති බවයි.
ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එස්.එල්.ඊ මොහොට්ටි මහතාගේ මෙහෙයවිමෙන් රේගු අධිකාරි ඒ.සී.එච්.අයි උක්වත්ත, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල්, විපුල ප්‍රනාන්දු සහ රේගු ජෛව විවිධත්ව ඒකකයේ සහකාර රේගු නිලධාරීන් වන අසංක ප්‍රියදර්ශන, දමිත් ජයසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාඩ් ගේ අදහස හොඳයි. අමානුෂික විදිහට සතුන් මරණ අයටත් එවැනිම දඩුවම් දුන්නා නම් හොඳයි නේද ? (නදී)
අනේ! මේ සතුන්ට දැන් මොනවා වෙලා ඇද්ද දන්නෙ නැහැ (නි)
හේමන්ත, අපිත් නිතර තායිලන්තයට යනවා. හැබැයි සත්තු ගේන්න නෙමෙයි. උන්ව දැකලා සතුටු වෙලා එනවා විතරයි. (නි)
මෙම තැනැත්තියට හිර දඬුවම් පැමිණවිය යුතුයි. (ස)
ලෙඩ රෝග සහිත සහ ජෛව විවිධත්වයට හානිකර සතුන් පිටරටින් ගේනවා. ටැංකි වලට ගෙනාපු මාළු මිරිදිය ජලාශ වලට දාලා දැනටමත් ලොකු හානි වෙලා තියනවා. සමහර වෙලාවට මේවා ඕන කමින්ම කරන දේවල් වෙන්න පුළුවන්.ආයෙමත් නොකරන්න දඩුවම් ලැබිය යුතුයි. (ස)
මේ තැනැත්තියවත් අර සතුන්ව ගෙනාවා වගේ දඬුවම හැටියට දඩයකුත් ගහල ප්ලාස්ටික් බැරල් එකක් ඇතුලේ බස්සවා සිරකර තැබිය යුතයි. (ස)
ගුද මාර්ගයේ හංගගෙන නාපු එක ලොකු දෙයක් (දී)
මෙහෙන් ගෙනිච්චේ නැහැනේ එහෙන් නේද ගෙනාවේ . ඕක අතඇරලා දාන්න. (ස)
දැඩි දඩුවම් දිය යුතුයි මේ තැනැත්තියට. පව් අසරණ සත්තු ටික (නදී)
සතෙකුගේ හෝ මිනිසකුගේ ප්‍රාණ ඝාතය මහා පවක්. ඒවා මානුෂික විදියට කරනවද එහෙමත් නැතිනම් අමානුෂික විදියට කරනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එවැනි දේවල් සිදු නොවීමට වග බලාගැනීමයි වැදගත්.(දිල්)
නිතර තායිලන්තයට, ඉන්දියාවට, සිංගප්පුරුවට යන අය ගැන මීට වඩා හොයන්න ඕන. ලොකු නෝනලා, මහත්තුරු විදියට යන ගොඩක් අයගේ පැටිකිරිය ඔහොම තමයි. (ස)
නම දැම්මේ නැති උනාට මේවට ප්‍රසිද්ද අය කවුරුත් දන්නවා දැන්. (නදී)
මේ ඔක්කොටම හේතුව ඇතැම් වෙබ් අඩවි වල මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබන දැන්වීම් නිසාය. අහිංසක සතුන්ව වෙබ් අඩවි හරහා ඉහල මිල ගණන් වලට විකිණීමේ ප්‍රවනතාවයක් පවතී. මෙවැනි විකිණීම් වන සත්ව හා තුරුලතා පනතට අනුකුලද කියා හෝ කිසිවෙක් සොයා බලන්නේද නැත.(නදී)
ලුම්බිනී ඔයා විනිසුරුවෙක්ද? (නදී)
ශාන්ති, මෙතන තියෙන ප්‍රශ්නේ සත්තු අසරණ එක විතරක් නෙවේ. අර නිශාන්ත කියනවා වගේ එක එක ලෙඩ රෝගත් මෙහාට බෝකරන එක. පිරාන වගේ මාළු ජාති ඩොට් ෆිෂ් (නයිෆ් ෆිෂ්) වගේ මාළු නිසා අනිත් මාලු විනාශ වෙනවා. එ්කයි මෙතන තියෙන භයානක කම.(නදී)
එතකොට එහෙදී පරීක්ෂා කර නැද්ද? (නි)
අපේ රටේ නැති සත්තු නම් හොඳයිනේ. උත්සහ කරලා බෝ කලා නම් හරි. වෙන දේවල් අනුව නම් ඕක ගනන් ගත යුතු දෙයක් නෙවෙයි කියලයි මගේ අදහස.(නදී)
ශාක හා සත්ත්ව නිරෝධානය නීති රීති හඳුන්වා දී ඇත්තේ පළිබෝධක හා රෝග කාරක වශයෙන් මෙරටට ඇතුළුවිය හැකි ජීවීන් මගින් අප රටේ ජෛව සම්පත් රැකගැනීමටත්, මිනිසුන්ට පවා වැළඳිය හැකි රෝග ඇතුළුවීම වැළැක්වීමටත්ය. ශාක හා සතුන් විදේශයන්ගෙන් ආනයනය කිරීමේදී විධිමත් නිරෝධායන පරීක්ෂණයන්ට යටත්වේ. එහෙත් හොර රහසේ සිදුකරන මෙවැනි ව්‍යාපාර මගින් නොදන්නා රෝග බීජයන් හා ආක්‍රමනික ජීවීන් රටට ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් නීති විරෝධී ක්‍රියාවන් ලෙස ගැනේ.(නදී)