
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මහ වැසිත් සමඟ තබ්බෝව ජලාශයෙ ජල මට්ටම ඉහළ යාමෙන් වාන් දොරටු 8 ක් විවෘත කිරීමට කටයුතු කළ බව පුත්තලම වාරි මාර්ග දෙපාර්තුමේන්තුව අද (23) පැවසිය.
තබ්බෝව ජලාශයෙ වාන් දොරටු 20 න් 8 ක් අද විවෘත කළ බවත් එයින් තප්පරයට ඝණ අඩි 3200 බැගින් නරි ඔයට මුදා හැරිමට කටයුතු කර ඇති බවත් එයින් පසු මී ඔයට මුදා හැරිමට කටයුතු කරන බවත් ඉන් පසු එය ජලය කලපුවට ගලා බැසිම සිදුවන බව කියයි.
මෙලෙස තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ගලා යන ජලයෙන් මී ඔය දෑල පදිංචිකරුවන් දැඩි අවධානමේන් පසු වන ලෙස වාරි මාර්ග දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd