ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසරයෙන් ඉදිකරන ලද තාප්පය කඩා නියමිත නිර්ණායකයන් අනුව ඉදිකරන්නේ නම් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව ගාල්ල අධිකරණයේ පනවා ඇති නඩුව සමථයකට පත්කැර ගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය් පැවති රැස්වීමක දී පුරාවිද්‍යා නිලධාරීහු එකඟ වූහ.
ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය කියා සිටියේ දේශපාලනය පසෙකින් තබා නීතිය රකින නිලධාරීන් ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්ණායක නොසළකමින් ඉදිකැර ඇති තාප්පය වෙනුවට බාලිකා පාසලේ ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා නිර්ණායක අනුව තාප්පයක් බැඳීමට අවසර ලබා දීමට ද පුරාවිද්‍යා නිලධාරීහු එකඟවූහ. ඒ අදාල නිර්ණායක විදුහල්පතිනියට ලිඛිතව ලබාදුන් අතර විදුහල්පතිනිය පොරොන්දු වූයේ තාප්පයේ වරද කඩිනමින් නිවැරදි කරන බවයි. පුරාවිද්‍යා නිලධාරින් පවසන්නේ තාප්පය උසින් වැඩි බවයි.
අනවසර තාප්පයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩුවකට පෙනී සිටින ලෙස 17 වැනි දා උසාවි එන ලෙස සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සිතාසි භාර දී තිබිණි. පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ නඩුව සමථයකට පත්කිරීමටනම් 17 දා ට පෙර අදාල උපදෙස් ක්‍රියාත්මක කළ යුතු බවයි.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තාප්පයේ වැඩි කෑල්ල කඩයි
සයිමන් Wednesday, 16 July 2014 09:14 PM
නොගැළපෙනවා නම් ඉතින් ගැළපෙන විදියකට හදාගන්න එපායැ (නි)
සමන්ති Wednesday, 16 July 2014 09:14 PM
රොහාන් සෞදියේ හිටියට ගාලු කොටුව ගැන දන්නේ නැහැනේ.ගාලුකොටුව පුරා විද්‍යාවෙන් රක්ෂිතයක්. (නි)
චන්ද්‍රා විරසිංහ Tuesday, 15 July 2014 09:16 PM
සවුත්ලන්ඩ් එකේ තාප්ප කැඩුවා වගේ නෙමේ බිග් මැච් කාලෙට කොල්ලෝ රිංගලා විදුහල්පතිනියවත් උස්සගෙන යාවි!! (ස)
ජීවක Tuesday, 15 July 2014 10:14 PM
තාප්ප උස වැඩි කියනවා, ගවොම කොට වැඩි කියනවා. අනේ මන්දා? (ස)
ලාල් Wednesday, 16 July 2014 01:05 AM
තාප්පේ නම් උස වැඩි නම් තමයි. කෝ බාලිකාවො නම් පෙනෙන්නෙ නැහැ. (නි)
වසන්ත Wednesday, 16 July 2014 01:50 AM
පුරාවිද්‍යා අය සවුත්ලන්ඩ් එකට අල්ලපු ඉඩමේ අනවසර ඉදිකිරීම් ගැන නිහඬව ඉන්නේ ඇයිද කියලා හොයන්නේ නැත්තේ අයි ? (නදී)
ගමගේ Wednesday, 16 July 2014 01:56 AM
නීති පොත අලුත් වුණාට අවශ්‍ය දේවල් අලුත් වුණේ නැහැනේ. පුරාවිද්‍යා පනතට අනුව අවුරුදු 100 පැරණි නම් ඒවා පුරාවිද්‍යා අංශයට අයිති වෙනවලු. එහෙත් එය කාලීනව අලුත් වෙලා නැහැ. අපේ මහගෙදරත් හදා තියෙන්නේ 1910දි. (නි)
චාන්දනී Wednesday, 16 July 2014 02:29 AM
දැන් මොකද්ද එතකොට තාප්පය හදන්න නියමිත නිවැරදි නිර්ණායකය? ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක මේ බාලිකා පාසලට උඩින් පැනගන්න පුළුවන් උසක් නම් ඒක වැරදියි නේද? (නි)
දිලුපා Wednesday, 16 July 2014 02:45 AM
කොහොමත් ඉතින් මේ අපේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ නංගිලා ටිකක්නේ (නදී)
සුදත් Wednesday, 16 July 2014 03:08 AM
ලාල් ඉනිමගකුත් අරගෙන බාලිකා පාසැල පැත්තේ රවුමක් දාන්න යන්න වගේ.! (නදී)
සංජීව Wednesday, 16 July 2014 04:13 AM
හරි නීතිය හරියට කරනවා නම් පාසැල විතරක් නොවෙයි, තව කොපමණ අනවසර ඉදිකිරීම් තිබෙනවද? (නි)
කපිල Thursday, 17 July 2014 03:12 AM
තාප්පෙ කොට කරලා, තාප්පෙට උඩින් යකඩ ග්‍රිල් වැටක් දාන්න. ප්‍රශ්නෙ ඉවරයිනේ. (නදී)
එරංග Wednesday, 16 July 2014 04:14 AM
ඕනෑම දෙයක ප්‍රමිතියක් තිබීම අවශ්‍යයි (නි)
මාලනි Wednesday, 16 July 2014 04:38 AM
ඕනෑ තරම් අනවසර ඉදිකිරීම් කොටුවේ තියෙනවා ඒවා ගැනත් හොයන්න (නදී)
ඉසුරන්දි Wednesday, 16 July 2014 04:52 AM
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ. ප්‍රමිතියෙන් තොර අනවසර ඉදිකිරීම් කොතෙක් තියෙනවද එහෙම බැලුවොත්? (නි)
රොහාන් සෞදි Wednesday, 16 July 2014 05:38 AM
බොහොම ලස්සනට හදල තියන තාප්ප මට නම් කිසිම වරදක් පෙනෙන්නේ නැහැ ගැහැණු දරුවන් ඉන්න පාසලක් නිසා ආරක්ෂාව අවශ්‍යයි. (නදී)
කර්තිනී Wednesday, 16 July 2014 06:20 AM
පිරිමි දරුවන් ඉන්න පාසල් වල තාප්ප ඉතා උසින් හැදුවනම් හරි. එතකොට ගැහැණු දරුවන් ඉන්න පාසල් වල තාප්ප අනවශ්‍යයි ! (ස)
ලලිත Wednesday, 16 July 2014 07:28 AM
දැන් මෙතන ආරක්ෂා කරන්නේ පාසලේ ඉන්නේ බාලිකාවන් මිසක් පුරාවස්තු නෙමෙයිනේ. ඇයි මේ පුරා විද්‍යා නිලධාරින් මෙතනට සම්බන්ධ වෙලා තියෙන්නේ? දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරනවද? (නි)
සමන් Wednesday, 16 July 2014 07:29 AM
රිචඩ් පතිරණ ඇමතිතුමා නැති පාඩුව අපිට දැනෙනවා (නි)
මිලානො ජයන්ත Wednesday, 16 July 2014 08:05 AM
තාප්පය උස්සලා බාලිකාවන් ආරක්ෂා කරගන්න හැදුවට එය ප්‍රායෝගික නැහැ. මක් නිසාද ඉන්ටර්නෙට් හා ෆේස්බුක් වසන්ගතය ළමයිගෙ ඔලුවලට උඩින් පැනල ඉවරයි. (නදී)
රවි කලංසුරිය Wednesday, 16 July 2014 05:27 PM
නීතිය සැමට පොදු වියයුතුය (නි)
යසිත් Wednesday, 16 July 2014 05:32 PM
වැරැද්දක් ඇත්නම් නිවැරදි කළයුතුයි (නි)
සරත් Wednesday, 16 July 2014 05:37 PM
ඇයි ඉතින් මුලින්ම ප්‍රමිතියකට හැදුවේ නැත්තේ? (නි)