ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසරයෙන් ඉදිකරන ලද තාප්පය කඩා නියමිත නිර්ණායකයන් අනුව ඉදිකරන්නේ නම් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව ගාල්ල අධිකරණයේ පනවා ඇති නඩුව සමථයකට පත්කැර ගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය් පැවති රැස්වීමක දී පුරාවිද්‍යා නිලධාරීහු එකඟ වූහ.
ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය කියා සිටියේ දේශපාලනය පසෙකින් තබා නීතිය රකින නිලධාරීන් ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්ණායක නොසළකමින් ඉදිකැර ඇති තාප්පය වෙනුවට බාලිකා පාසලේ ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා නිර්ණායක අනුව තාප්පයක් බැඳීමට අවසර ලබා දීමට ද පුරාවිද්‍යා නිලධාරීහු එකඟවූහ. ඒ අදාල නිර්ණායක විදුහල්පතිනියට ලිඛිතව ලබාදුන් අතර විදුහල්පතිනිය පොරොන්දු වූයේ තාප්පයේ වරද කඩිනමින් නිවැරදි කරන බවයි. පුරාවිද්‍යා නිලධාරින් පවසන්නේ තාප්පය උසින් වැඩි බවයි.
අනවසර තාප්පයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩුවකට පෙනී සිටින ලෙස 17 වැනි දා උසාවි එන ලෙස සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සිතාසි භාර දී තිබිණි. පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ නඩුව සමථයකට පත්කිරීමටනම් 17 දා ට පෙර අදාල උපදෙස් ක්‍රියාත්මක කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොගැළපෙනවා නම් ඉතින් ගැළපෙන විදියකට හදාගන්න එපායැ (නි)
රොහාන් සෞදියේ හිටියට ගාලු කොටුව ගැන දන්නේ නැහැනේ.ගාලුකොටුව පුරා විද්‍යාවෙන් රක්ෂිතයක්. (නි)
සවුත්ලන්ඩ් එකේ තාප්ප කැඩුවා වගේ නෙමේ බිග් මැච් කාලෙට කොල්ලෝ රිංගලා විදුහල්පතිනියවත් උස්සගෙන යාවි!! (ස)
තාප්ප උස වැඩි කියනවා, ගවොම කොට වැඩි කියනවා. අනේ මන්දා? (ස)
තාප්පේ නම් උස වැඩි නම් තමයි. කෝ බාලිකාවො නම් පෙනෙන්නෙ නැහැ. (නි)
පුරාවිද්‍යා අය සවුත්ලන්ඩ් එකට අල්ලපු ඉඩමේ අනවසර ඉදිකිරීම් ගැන නිහඬව ඉන්නේ ඇයිද කියලා හොයන්නේ නැත්තේ අයි ? (නදී)
නීති පොත අලුත් වුණාට අවශ්‍ය දේවල් අලුත් වුණේ නැහැනේ. පුරාවිද්‍යා පනතට අනුව අවුරුදු 100 පැරණි නම් ඒවා පුරාවිද්‍යා අංශයට අයිති වෙනවලු. එහෙත් එය කාලීනව අලුත් වෙලා නැහැ. අපේ මහගෙදරත් හදා තියෙන්නේ 1910දි. (නි)
දැන් මොකද්ද එතකොට තාප්පය හදන්න නියමිත නිවැරදි නිර්ණායකය? ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක මේ බාලිකා පාසලට උඩින් පැනගන්න පුළුවන් උසක් නම් ඒක වැරදියි නේද? (නි)
කොහොමත් ඉතින් මේ අපේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ නංගිලා ටිකක්නේ (නදී)
ලාල් ඉනිමගකුත් අරගෙන බාලිකා පාසැල පැත්තේ රවුමක් දාන්න යන්න වගේ.! (නදී)
හරි නීතිය හරියට කරනවා නම් පාසැල විතරක් නොවෙයි, තව කොපමණ අනවසර ඉදිකිරීම් තිබෙනවද? (නි)
තාප්පෙ කොට කරලා, තාප්පෙට උඩින් යකඩ ග්‍රිල් වැටක් දාන්න. ප්‍රශ්නෙ ඉවරයිනේ. (නදී)
ඕනෑම දෙයක ප්‍රමිතියක් තිබීම අවශ්‍යයි (නි)
ඕනෑ තරම් අනවසර ඉදිකිරීම් කොටුවේ තියෙනවා ඒවා ගැනත් හොයන්න (නදී)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ. ප්‍රමිතියෙන් තොර අනවසර ඉදිකිරීම් කොතෙක් තියෙනවද එහෙම බැලුවොත්? (නි)
බොහොම ලස්සනට හදල තියන තාප්ප මට නම් කිසිම වරදක් පෙනෙන්නේ නැහැ ගැහැණු දරුවන් ඉන්න පාසලක් නිසා ආරක්ෂාව අවශ්‍යයි. (නදී)
පිරිමි දරුවන් ඉන්න පාසල් වල තාප්ප ඉතා උසින් හැදුවනම් හරි. එතකොට ගැහැණු දරුවන් ඉන්න පාසල් වල තාප්ප අනවශ්‍යයි ! (ස)
දැන් මෙතන ආරක්ෂා කරන්නේ පාසලේ ඉන්නේ බාලිකාවන් මිසක් පුරාවස්තු නෙමෙයිනේ. ඇයි මේ පුරා විද්‍යා නිලධාරින් මෙතනට සම්බන්ධ වෙලා තියෙන්නේ? දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරනවද? (නි)
රිචඩ් පතිරණ ඇමතිතුමා නැති පාඩුව අපිට දැනෙනවා (නි)
තාප්පය උස්සලා බාලිකාවන් ආරක්ෂා කරගන්න හැදුවට එය ප්‍රායෝගික නැහැ. මක් නිසාද ඉන්ටර්නෙට් හා ෆේස්බුක් වසන්ගතය ළමයිගෙ ඔලුවලට උඩින් පැනල ඉවරයි. (නදී)
නීතිය සැමට පොදු වියයුතුය (නි)
වැරැද්දක් ඇත්නම් නිවැරදි කළයුතුයි (නි)
ඇයි ඉතින් මුලින්ම ප්‍රමිතියකට හැදුවේ නැත්තේ? (නි)