විජය පුවත්පත්  සමාගමේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරන තන්තිරිමලේ "ලංකාදීප" ආලෝක පූජාව අද (29) තෙවැනි දිනටත් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරය භූමිය ආලෝකවත් කරමින් පැවැත්වුණි.  පොසොන් පොහොය  දිනය වු අද (29)  දින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගිවූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විජය පුවත් පත් සමාගමෙි  සභාපති රංජිත් විජයවර්ධන යන මහත්වරු  ආලෝක පූජාව විවෘත කළහ.

වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විජය පුවත්පත්  සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී  ඉංජිනේරු ජනක රත්න කුමාර, යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

23 වැනි වරට පැවැත්වුණු මෙවර ආලෝක පුජාවේ තෙවැනි දිනය වූ අද දිනයේද බැතිමතුන් විශාල පිරිසක් ආලෝක පූජාව දැක ගැනීමට තන්තිරිමලේ පුණ්‍ය භූමියට රැස්ව සිටියහ.

 

ඡායාරූප - ගයාන් අමරසේකර