IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ඩෙංගු ගැන රටට කියන්න දෙන්නෙක් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත.

ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගත වීම නිසා සමාජයේ අනිසි බියක් ඇතිවීම වැලැක්වීමත්,  නිල  නොවන අයුරින් සිදු කරන ප්‍රකාශයන් හේතුවෙන් මාධ්‍යයෙන් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් වීම වැලැක්විමත් යන කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පත්කිරීම් සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඩෙංගු රෝගය පිළිබඳව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මියත්, වසංගත රෝග තත්ත්වයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතාත් මින් ඉදිරියට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත නිවැරදි හා නිල ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



අදහස් (2)

ඩෙංගු ගැන රටට කියන්න දෙන්නෙක් පත් කරයි

Srinath Wednesday, 04 June 2025 02:55 PM

ආයෙමත් කොරෝනා කාලේ රට විනාශ කළා වගේ මාධ්‍ය සංදර්ශන තියන්න... ගොනා හැරෙනකොට දන්නවා කොහෙටද යන්නේ කියලා...

:       1       4

Asela Wednesday, 04 June 2025 03:14 PM

කැපවූ රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙක් හිටියා. එවැනි කෙනෙක්. කෝවිඩ් යුගයේදී විශිෂ්ට සේවයක් කළ කෙනෙක්. ඔහු දැන් නැවතත් අපට සේවය කරනවා. ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේත් සමහරු හිටියා. විකෘති වූ කෝවිඩ් භීෂණය අප පිටුපසින් තිබෙනවා. අනුර පාලනය එවැන්නකට සූදානම්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 109 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site