සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර් රජ පවුලෙන් සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානායක් තෑගි කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.
ට්‍රම්ප් සහ කටාර් රජ පවුල අතරේ ද සමීප සබඳතා පවතී. කටාර් රාජ්‍යය ද සෞදිය මෙන්ම ඇමෙරිකාවේ හිතවතකු වන අතර, කලාපීය ගැටලුවලදී ඇමෙරිකාවට සහාය දක්වන්නේ කටාර් රාජ්‍යයයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය ලෙස සැලකෙන්නේ ‘එයාර් ෆෝස් 1’ ය. මෙම නිල ගුවන් යානය වෙනුවට, කටාර් රාජ්‍යයෙන් තෑගි ලෙස ලැබෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා මෙම සුඛෝභෝගී ගුවන් යානය භාවිතයට ගත හැකි යැයි පැවැසෙයි. ලොව වඩාත් සුඛෝපභෝගී ගුවන් යානය ලෙස ද මෙම ගුවන් යානය සැලකෙයි.
ට්‍රම්ප්ට ගුවන් යානයක් මේ අයුරින් තෑගි ලැබීම සම්බන්ධයෙන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාට, විදේශවලින් තෑගි ලබා ගැනීම නොහැකි බව පෙන්වා දෙමිනි.
මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, වසර ගණනාවක් පැරණි එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය වෙනුවට නව නිල ගුවන් යානයක් තෑගි ලැබීම සතුටට හේතුවක් බවය.
මේ අතර ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ, තමන්ගේ ධුර කාලය අවසන් වනතුරු තමන්ට මෙම තෑගි වශයෙන් ලැබෙන ගුවන් යානය භාවිතයට ගැනීම කළ හැකි බවත්, තමන් ධුරයෙන් සමු ගනිද්දී, ගුවන් යානය ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ පුස්තකාලයට පරිත්‍යාග කරන බවත්ය.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
ගුණරත්න Wednesday, 14 May 2025 11:15 AM
ට්‍රම්ප් ජනාධිපතිතුමා කටාර් යානයක් පාවිච්චි කරන්නේ තාවකාලිකව... හේතුව දැන් තියෙන එයාෆෝස් 1 යානා යල්පැන ගිහින් නිසා ඒවා වෙනුවට 2027 දී අලුත් යානා යොදවනවා කියලා කියනවා. එතෙක් කටාර් රාජ්‍යයේ ගුවන් යානයක් පාවිච්චි කරනවාලු...
ලුම්බිණි Wednesday, 14 May 2025 12:37 PM
කුණු ගොඩකට තව කුණු එකතුවීම සාමාන්‍ය දෙයක්...