
(අංජුල මහික වීරරත්න)
කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ වැඩසටහනක් අරඹා තිබේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙයි.
නාගරික ප්‍රදේශවල ජලාපවහන සහ ඇළ මාර්ග පද්ධති හරහා ගංගා වලට සහ පසුව සාගර වලට ප්ලාස්ටික් කාන්දු වීම ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති අතර කොළඹ කලාපයේ ප්‍රධාන ඇල්මාර්ග පද්ධති 14ක ජාලය සහ අන්තර් සම්බන්ධිත ජල මාර්ග, අධික වර්ෂාපතනය අතරතුර අවහිර වීමට ප්‍රධානතම හේතුව ප්ලාස්ටික් එම ඇළ මාර්ග වෙත මුදා හැරීම බව හඳුනාගෙන තිබේ.
ඊට විසැඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිතින්, ප්ලාස්ටික් දාන්න වෙනම බින් තැනින් තැන තියලා. පාරේ හැමතැනම කුණු දාන එකට ලොකු දඩයක් ගැහුවා නම් ඉවරයි. එහෙම කරන්න බැරි ඇයි?"
සමහර මිනිසුන්ගේ ‘හැම කුණු ගොඩක්ම ඇලට හෝ ගඟට’ කියන දුෂ්ඨ පරමාර්තයෙන් කරන මෙවැනි කුහක වැඩ නිසා පරිසරයට සිදු වෙන්නේ මහ ලොකු විනාශයක්