ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධි අපේක්ෂකයන් 200කට වැඩි පිරිසකගේ පන්ති තහනම කෝන්දේසි විරහිතව අවලංගු කර ඇත.
සිසුන් 189 දෙනකුගේ පන්ති තහනම් කර සිසුන් 40 දෙනකුගේ ශිෂ්‍ය භාවය ද අහෝසි කර තිබිණි.
ඒ සිසුන් සියලු දෙනාගෙම් තහනම උප කුලපති මහාචාර්ය එල් ඒ කරුණාරත්න ජූලි 03 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමික , මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ජීවිත ගමනේදී අපිටත් අසාධාරන කම් අනන්තවත් වුනා. හැබැයි අපි ඒ කාරණාව අපේ ආදර්ශ පාඨය කර ගත්තේ නැහැ. (නදී)
මේ කියන සර්ව සාධාරණ සමාජය තියෙන්නේ කොහෙද මන්දා ? සිසුන් සාධාරණය වෙනුවෙන් හඬ නැගුවාට කමක් නැහැ. නමුත් සමහර විට ඔවුන් හැසිරෙන්නේ සමාජය ගැන ඉහ නිකට පැහුණ වැඩිහිටියන්ටත් වඩා තමාට අවබෝධයක් තිබෙන අයුරින්. බොහෝ විට ඔවුන්ගේ හඬට සමාජය කන් නොදෙන්නේ, අන් සියලු දෙනාට වඩා තමා දන්නා බවත් තමන් සිතන කරන හැම දෙයක්ම නිවැරදි යි කියා සිතන නිසාත්ය. (නදී)
අපේ ආයතනයේ අලුතින් බඳවා ගත් උපාධිදාරියෙක් ගේ හැසිරීම හැමෝටම පුදුමයි. කිසිම සුහද බවක් නැහැ. නිතරම කෑම විවේකයේදීත් අනුන් විවේචනය කර ගත්ත ගමන්. තමන්ගේ වැඩ ඉගෙන ගැනීමට වඩා ආයතනයේ කම්කරු නීතිය හරියට ක්‍රියාත්මක වෙනවාදැයි සොයනවා. විධායක නිලධාරීන්ගේ පුද්ගලික තොරතුරු සොයනවා. චතුර ඉංග්‍රීසි කතා හැකියාවක් සහිත සහෝදර සේවිකාවකට ඒ ගැන සමච්චල් කළා. කාගේදෝ බලවත් අනුග්‍රහයකින් ආව කෙනෙක් යයි දැනුන නිසා හැමෝම ඉවසාගෙන ඉන්නවා. (නදී)
අපේ ආයතනයේ ඉන්නවා ලංකාවේ ඉගෙනගත්ත උපාධිදාරියෙක් සහ බටහිර රටක උපාධිදාරියෙක්. දෙවැන්න ආපු දවසෙම පොඩි තැනින්ම වැඩ ඉගෙන ගෙන , හැමෝම එක්ක සුහද කටයුතු කරමින් අනලස්ව වැඩ කරනවා. ලංකාවේ උපාධිදාරිය බොහෝ දිනවල වැඩට එන්නේ පරක්කු වෙලා. සේවයට එන ගනුදෙනු කරුවන් එයාට මහා කරදර කාරයෝ. කාර්යාලය පිරිසිදු කරන කාන්තාවට උඹ බන් බොලන් නොකියන ටික විතරයි. හරිම උද්දච්චයි. වැරැද්ද කොතනද කියලා මම දන්නේ නැහැ . හැබැයි හැමෝම මෙහෙම නැහැ. (නදී)
තමන් ජයක් ලබුවයි කියල හිතන අයට කවදාවත් හරියන්නේ නැහැ. ඉගෙන ගන්න කාලේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කරන්න බලන්න. (නදී)
අහමඩ්, මම ඉගෙන ගත්තු ගම්පහ පාසලකට ශත පහක්වත් නොදී අවරුදු 7 කට කලින් මම මගේ පළමු දරුවා ආදි ශිෂ්‍ය පදනම මත ඇතුලත් කර ගත්තා. දැන් මගේ දෙවැනි දරුවාව සහෝදර පදනමවත්, මගේ අදි ශිෂ්‍ය පදනමවත්, මුදලින් රුපියල් ලක්ෂයක් දීලාවත් දා ගන්න බැරි වුනා. ලක්ෂ 3 ක් ඇමති කෙනෙකුට දෙන්න පුලුවන්නම් මොන පදනමක් වත් ඕන කරන්නෙත් නැහැ. මම මේ කියන්නේ කොලඹ පාසලක් ගැන නෙමෙයි. කොලඹ රුපියල් ලක්ෂ 6- 10 ත් යනවා. අන්තරේ නොහිටියා නම් බලා ගන්න තිබුනා විශ්ව විද්‍යාලවලටත් වෙන දේ. පුද්ගලික විශ්ව විද්‍යාලයකට යවන්න ලක්ෂ 65 ක් ගෙවන්න අපේ ලග මුදල් තිබෙනවද? මෙතන අදහස් දාන අයට රුපියල් ලක්ෂ 65 තියා තුන් වේල කාල ඇදලා ඉන්න අයද? (නදී)
චාමික .ඔබගේ අදහසට ගරු කරනවා.(මුදී)
හොඳ තීරණයක්. හැබැයි මීට පස්සේ මෙයාලා වැරදි වලට අහුවුණොත් ගෙදරම යවන්න ඕනෑ (නි)
ඒ කියන්නේ කොල්ලො ටික දිනුම්..... මොකක්ද මේ වෙන්නේ? (නි)
ජය වේවා සිසුනි! (නි)
ඇයි මේ සමහර උපාධිදාරියෝ සර්ව අශුභවාදී ? හැම තිස්සෙම සමාජයෙන් තමන්ට අසාධාරණ වෙනවා කියා ගත්ත ගමන්. අපිට ඔය වයසේදීම පවුල් වල වගකීම් වලට දෙමවපියන්ට උදව් කරන්න සිද්ධ වුනා. ඉගෙනගන්න සිද්ධ වුනේ රැකියා කරන ගමන්. නොයෙකුත් අභියෝග වගකීම්. ඒත් අපි නම් සමාජයට වැරැද්ද පටවන්න ගියේ නැහැ. අපිත් උත්සාහයෙන් ගොඩ ඇවිත් අනෙක් අයටත් උදව කළා. (නදී)
සත්‍ය ජය ගන්නවා. ජය වේවා සිසුනි! (නදී)
තේනුවර මහත්තයෝ, හැබෑ ජයග්‍රහණය ලැබෙන්නේ දැන්වත් මෙයාලා කැම්පස් ආපු පළමු අරමුණ වන ඉගෙනීම සම්පුර්ණ කලොත් විතරයි. (නදී)
දැන් ඉතිං අන්තරේ අය ලොකු කම් කියවයි මේකත් අපේ ජයග්‍රහණයක් කියලා. (නදී)
එහෙනම් කොල්ලෝ දිනුවා! සුභ අනාගතයක්! (නි)
දැන්වත් පෙර වැරදි හදාගන්න බලන්න (නි)
සිසුන්ට ජය වේවා! (නි)
හරි. ඉදිරියටම යමු (නි)
දැන්වත් ඉගෙනගනීවිද යමක්? (නි)
විශ්ව විද්‍යාල වල සමහර පාලකයන් යන්නේ කොහෙද කියලා ඒ අයම දන්නේ නැහැ. මොනදේටත් වැරැද්ද දකින්නේ ළමයින්ගේ අතේ. සමාජයේ බොහෝ දෙනෙකුත් ඒ වගේමයි. (නි)
සඳුනි, ගයාන්, ජාතික ප්‍රශ්න වලට සංවේදී ශිෂ්‍ය පරපුර විශ්ව විද්‍යාලයෙන් පිට වූ වහාම ඊළඟ ශිෂ්‍ය පරපුරට එම මෙහෙවර ලබා දෙනවා.ඔබ හිතන පරිදි අධ්‍යාපනය 'අනාගන්නා' ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා නම් ඒ ඉතාමත් සුළුතරයක්. (නි)
දර්ශන, ඔබ වැරදි වැටහීමකින් ඉන්නේ. අපිට සමාජයෙන් අසාධාරණ වෙන්නේ නැහැ. අපේ රැකියාවත්, වැටුපත්, අත්දැකීම්නුත් අනුව අපිට ශක්තිය තිබෙනවා ඕනෙම අසාධාරණයට මුහුණ දෙන්න. හැබැයි එහෙම ශක්තිමත් නැති මිනිසුන් වෙනුවෙන් තමයි මේ ශිෂ්‍යයෝ හඬ නගන්නේ. මානව වර්ගයා සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ බලවතා දුබලයා පෙලීම වෙනුවට බලවතා දුබලයා ආරක්ෂා කිරීමෙනුයි. අසාධාරණයට එරෙහි වෙන්න තමුන්ට අසාධාරණයක් වෙන තුරුම ඉන්න ඕන කියල හිතන ඔබතුමලාගෙයි මේ ශිෂ්‍යයෝන්ගෙයි වෙනස තමයි ඒක. (නදී)
ශිෂ්‍යය මර්දනයේ මුහුණුවරින් එන්නේ එක පිල්ලියක්. මේ වැඩේටම සුදුසු තක්කඩියෙක්. සමාවෙන්න කට්ටඩියෙක් තමයි මේක බාරව ඉන්නේ. අන්තිමට බැලුවහම ඔය කියන කට්ටඩියට ආතුරයන්ව හොඳ කරන්න බැහැ. මොකද ආතුරයාව ලෙඩ කරපු යකත් එයාම නිසා. (නදී)
මට නම් හිතෙන්නේ මෙය පාලනාධිකාරිය සිසුන් ගැන සානුකම්පිතව සිතා බලා ගත් හොඳ තීරණයක්. දැන් මෙම සිසුන් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරන්න හිතට ගන්න. කොමෙන්ට් දමන අයද නිකන් බොරුවට අන්තවාදී සිසු සංගම් පුම්බන්නේ නැතුව යථාර්ථවාදීව සිතා බලන්න (නදී)
දර්ශන, අපිට අසාධරණ කමක් වුන හැමතනකදීම අපි නම් අපි ඒවාට එතනදීම එවෙලේම සාධාරණය ඉටු කරගත්තා. අපිට අපේ දෙමව්පියෝ එකට අවශ්‍ය ධෛර්යය පොඩි කාලෙම දුන්න. ඔබට අසාධාරන කම් අනන්තවත් වෙද්දී නිහඬව ඒවා විඳදරා ගත්ත නම් එය ඔබේ අසරණ කම සහ පෞර්ෂය පිලිබඳ අඩුපාඩුවක්. තමන් වෙනුවෙන් පමණක් නොවෙයි එවැනි අය වෙනුවෙන් පවා කතා කරන්න අපිට දෙමව්පියෝ ඉගැන්නුවා. ඔබට වුන දේවල් ඔබ නිහඬව විඳ ගත්ත කියල අනික් උදවියත් එහෙම ඉන්න ඕනේ කියල ඔබ හිතන්නේ ? (අ)
අපි ජීවත්වෙන සමාජය සාධරණ යුක්තිසහගත එකක් වුණා නම් කවුරුවත් ඉගෙනගන්න කාලයේ ඉගෙනීමේ අරමුණෙන් ඈත් වෙන්නේ නැහැ. සමහර අය ඉගෙනීමේ පළමු අරමුණ වෙතම අවධානය යොමු කරනවා. මේ උදවිය තමයි බොහෝවිට ශීත කාමර වලට සීමා වුණ ප්‍රායෝගික නොවෙන, මිනිස්කම නොහඳුනන නිලධාරීන් වෙන්නේ. තවත් සමහර අය ඉගෙනීම අතරේ අයුක්තිසහගතව අසාධාරණයට ලක්වූ සමාජ කොට්ඨාශ වෙත සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මේ අය තමයි දිනෙක සාමාන්‍ය ජනතාව වෙන සංවේදීවන, පොළවේ පය ගසා ජීවත්වෙන ප්‍රායෝගික මානුෂික බුද්ධිමතුන් වෙන්නේ. ක්‍රියාකාරී ශිෂ්‍යයින් සියලු දෙනාම දේශපාලන පක්ෂ සමාජිකයින් නොවෙයි. (නි)
චන්ද්‍රා මහත්මිය කියන දේවල් හරි වෙන්න ඇති. ඒත් ඉතින් තමන්ගේ ශිෂ්‍ය වගකීම මොකද්ද කියලාවත් නොදන්නා උදවිය කොහොමද ජාතික ප්‍රශ්න විසඳන්න යන්නේ? සියලුම දෙනා පුරවැසියෙකු ලෙස තම තමන්ගේ භූමිකා හොඳින් ඉටු කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙන්නේ සමහරු සරසවියට පැමිණි පමණින් සමාජයේ ඉන්න හිසකෙස් සුදු වූ වැඩිහිටියා සහ සෙසු සියලු දැනුම තේරුම් ඇති අයටත් වඩා තමන් දැන උගත් යැයි සිතාගනිමින් සරසවියට ආ කාර්යය අමතක කිරීමයි. (නි)
සිසුන් සමාජයේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් හදන්නට මට්ටු කරන්නට යන්න පෙර තමන් ඊට සුදුසුදැයි හඳුනා ගැනීම වැදගත්. ඔවුන් සිසුන්ට පෙර ශිෂ්‍ය අවධිය පසුකර ඇති අයයි. සර්ව සාධාරණ සමාජයක් හදන්න යන එක ඉතා හොඳයි. නමුත් තමන්ට අධ්‍යාපනය දෙන්න දුක් විඳින දෙමව්පියන් සහ දුක් මහන්සි වී රැකීරක්ෂා කරන මහජනයාගේ මුදල් වලට අසාධාරණයක් නොවන පරිදි එය කළයුතුයි. (නි)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬක් නඟන එක වැරැද්දක් නෙමෙයි.අපි අද මේ කියන දේවල් සමාජයට තේරෙන්නේ අනාගතේදී ඔයාලගේ දරුවෙක් පාසලකට දාගන්න ගියාම ලක්ෂ ගණන් ගෙවන්න වූ විටයි (නි)
බොහෝ විට පුද්ගලික අංශය උපාධිදාරීන් රැකියාවලට බඳවා ගන්නේ ඔවුන්ට සෑම තරාතිරමක උදවිය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට තිබෙන හැකියාව මතයි. චාමික , උපාධිදාරියෙකුට අත්‍යවශ්‍ය ප්‍රායෝගික ගුණාංගය මෙන්න මේකයි. ශීත කාමරේ හෝ වැඩබිමේ හිටියත් තැනට අවශ්‍ය ලෙස සමාජයට අනුගත වෙන්න බැරිකම අපි සමහරවිට දකිනවා. (නි)
මේ ලෝකේ කොහෙද චාමික ඔබ කියන සර්ව සාධාරණ සමාජය තිබෙන්නේ ? අපි හැමටම ජීවිතේ නොයෙක් අවස්ථා වල යම් යම් අකටයුතුකම් සිදු වෙනවා. නමුත් මම නම් මුළු සමාජය ගැනම වෛයිර කරන තත්වයට වැටිලා නැහැ. (නදී)