
(නිමල කොඩිතුවක්කු සහ චමිලා අල්විස්)
ජනාධිපතිවරයා අයවැයක් යැයි පවසමින් බොරු පච මල්ලක් ඉදිරිපත් කරමින් ජනතාව යලිත් වතාවක් නොමග යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරයා සිනාසෙමින් කැරකි කැරකි අදහස් ප්‍රකාශ කරමින් අයවැය ලෙස බොරු මල්ලක් ඉදිරිපත් කළ බවත් බොරුව මුසාව මුලාව අසත්‍ය ජනතාව ඇන්දවීම හරහා ඔවුන්ගේ රජයේ පැවැත්ම තහවුරු කර රටේ ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
2026 වසර වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ දෙවැනි අයවැය තුළ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාව ඡන්ද වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක වන්නේද කියා සොයා බලන ලෙසත් විපක්ෂනායකවරයා එහිදි පැවසීය.
අද රජය ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරු කිය කිය යන බවත් බොරුව සමාජගතව ඔවුන්ට නිරන්තරයෙන්ම රාජ්‍ය බලයේ ඉන්නලට ලැබෙයි කියා ඔවුන් සිතන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනසික මට්ටමේ තරම පේනවා... නැවත අධ්‍යාපනයක් දෙන්න ඕනෙ වගේ...
හර්ෂ ද සිල්වා මහතා කරපු ප්‍රකාශය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරපු ප්‍රකාශය අයවැය සම්බන්ධව එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. බොරුව සහ ඇත්ත නැත්ත මහජනතාව තීරණය කරයි.
අනේ යන්න...
තමුන්ගේ කියුම් කෙරුවාවල් ගැන නම් කියන්න වචන නැහැ. බොරුව සමාජගත කරලා ජනතාව අන්දවන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ.
ඔබගේ පක්ෂයේ ලොකුම ආර්ථික විද්වතා කිව්වේ ජනාධිපති අනුර කුමාර කිව්වේ බොරු මල්ලක් කිවූ බවද? ඔබතුමාට එතුමාට වඩා ලොකු මොලයක් නැති බව ඔබතුමා පිළිගන්නවද? අනේ යන්න...
බොරුව ඇත්ත වෙනකොට ඔබට යන එන මං නැතිවෙයි. එතකන් ඉන්න.
ඉන්දියාවෙ. ඉදන් ආවේ ඔය ටික කියන්නද? දැන් මේ මාලිමා ආන්ඩුව කරන හැමදේම ගොබ්බ පැටවුන්ට බොරුවක් වෙලා. ගොබ්බයෝ වැඩ කෙරුවේ. පෙරාපු රත්තරන් වගේ නේද? අනේ පලයන් බන් යන්න. ඉන්දියාවේ හමුවුණු සේරම ඔලුවහරවහරව හිනහා වෙනවාලු... කතා කරපු විදියට... ඩික්ශනරියෙත් නැහැලු ඒ වගෙ වචන හොර නඩේ අඩනවා එයාලා විතරන් ගියේ නැහැ කියලා. අද කොහොමද තමුන් ජනාදිපති පුටුවේ හිටියා නම් අලුතෙන් ෆයිලට් ගෙන්වයි මන්ගල ගමන යන්න. දන්මුන් සේරම අවමන්ගල ගමන යන්නේ. එක වෙඩි උන්ඩෙන් පාතාලෙත් එක්ක ගනු දෙනුකරලා මැරුණාම කියනවා රජය ආරාක්ෂා කෙරුවේ නැහැලු. නුඹලා රජයට කිව්වාද මේ වගේ කට්ටියගෙන් වැඩ ගන්නවා කියලා. නූගත් මීහරක් කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්...
විපක්ෂයක් සහ විපක්ෂ නායකයෙකු උවමනා කර තිබේ..
මට පේන්නේ මෙයාට බුදුබණ ඇහෙනවා ඇත්තෙත් කුනුහර්ප වගේ වෙන්න ඇතිද?
ජනාධිපති ඉදිරිපත් කලේ ගිය අයවැයේම දිගුවක්. මොකද ගිය අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරපු සල්ලිවලින් වැය කරලා තියෙන්නේ සියේට 24 යි. ඉතුරු 76 මේ අවුරුද්දට ගෙනල්ලා අයවැය හිඟේ අඩුයි කියලා බොරුවක් කලා. වතු සමාගම් සේවක පඩි වැඩි කරන්න විදියක් නෑ කියද්දී රුපියල් 1000 කින් පඩි වැඩි කරන්න සල්ලි හොයන්නේ කොහොමද කියන එක හැංගුවා. අයි.එම්.එෆ්. එකෙන් යෝජනා කරලා තියෙන විදුලිබිල වැඩි කිරීම සහ දේපළ බද්ද ඇතුළු අලුත් බදු ගැන හැංගුවා. භාන්ඩාගාරේ පිරී ඉතිරී ගියා කිව්වට ඒක උනේ කොහොමද කියන එක හැංගුවා. ඩොලර් සංචිතයේ වර්ධනය ඇණ හිටියේ ඇයි, මිනිසුන්ට බදු පිට බදු ගහද්දී මන්ත්‍රීවරුන්ට මිලියන 12,500 ක වාහන ගෙන්වන්නේ ඇයි කියන එක හැංගුවා.
මේ ගොන් වාහේ ලංකාවේ විපක්ෂ නායකත්වයට සුදුසු නෑ. හර්ෂ වගේ යමක් කමක් තේරෙන කෙනෙක් තමයි හොඳ. මෙයා ඉන්නකම් SJB දිනනවා බොරු
අයවැය විවේචනය කරන්නවත් එයාට තේරෙන්නේ නැහැ. ඒක බොරුවක් කියලා කෙලින්ම කිව්වම එයා හිතන්නේ මිනිස්සු ඒක තේරුම් අරන් කියලා. දුප්පත් සජිත්.
සාමාන්‍ය පෙළ අසමත් ඔයාට තේරෙන තරම තමයි ඔය
වැඩ බැරි ළාමක ටින් ටින් ? කැෂිනෝ කාරයන්ගේ පිහිටෙන් බස් බෙදලා,ඉස්කෝල ගානේ ගිහින් ජපන් බාෂාවෙන් කතා කෙරුවට වැඩක් නැහැ.පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ඉන්නේ, ජාතික ලැයිස්තුවෙන් පස් දෙන්නෙක් පත් කරන්ඩ කල් මැරුවා.බොරුව සමාජගත කරන්නේ කව්ද කියන එක පේන්ඩම තියෙනවා? තුන්පාරක් ජනාදිපති වෙන්ඩ සිහින මැව්වා ,තවත් හීන දකින්ඩ වේවී ?