IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති ’’එක්ස්පෝ - 2025’’ බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ පැවැත්වෙන Industry Expo 2025  ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එක්විය.

ප්‍රදර්ශන කුටි නැරඹූ ජනාධිපතිවරයා එම ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය. 

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙය වීම අරමුණ කර ගනිමින්, සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන Industry Expo 2025 ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 – 21 දක්වා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී පැවැත්වේ. 

කර්මාන්ත සංවර්ධනයේදී රටක් ලෙස මුහුණ දෙන ගැටළු සහ අභියෝග රැසකට විසඳුම් සෙවීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණයි.

කර්මාන්ත සංවර්ධනය සඳහා සහාය දක්වන ආයතන පද්ධතිය හඳුනා ගැනීමත්, ඒ හරහා ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් වීමත් ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මෙහිදී ලබා ගන්නා සුවි‍ශේෂ අවස්ථා වේ. 

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් නියෝජනය වන පරිදි දිවයින පුරා කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි 450කින් මෙම ප්‍රදර්ශනය සමන්විතය.

පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය සහ පෞද්ගලික අංශ මඟින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන කලාපය මෙවර ප්‍රදර්ශනයේ විශේෂ අවධානය යොමු වී ඇත. මීට අමතරව පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන යටතේ පාසල් සිසුන් ගේ නිෂ්පාදන රැගත් ප්‍රදර්ශන කුටිද මෙවර Industry Expo 2025 ප්‍රදර්ශනයට ඇතුළත්ය. 

තවද ජාතික ඉංජිනේරු නවෝත්පාදන හා ගවේෂණ මධ්‍යස්ථානයේ (NERD) සේවා කුටියක්ද, කර්මාන්ත සඳහා සහාය ලබා දෙන සියළුම රාජ්‍ය සහ බැංකු ආයතන නියෝජනය කෙරෙන ONE STOP service කුටියක්ද මෙවර ප්‍රදර්ශනය සමඟ එක්වී තිබේ. 

මීට අමතරව කර්මාන්ත හිමියන් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, ඇසුරුම් ද්‍රව්‍ය ආදී අංගෝපාංගවලින් සමන්විත Industry Expo 2025 ප්‍රදර්ශනයේදී සැපයුම්කරුවන් හමු වීමේ අවස්ථාවද හිමි වේ. 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාද මේ අවස්ථාවට එක් විය.

 



අදහස් (3)

ජනපති ’’එක්ස්පෝ - 2025’’ බලන්න යයි

වත්සි Friday, 19 September 2025 06:47 PM

අතට අත දෙමින්, ළමයි අතරට යමින් අරයාවමයි මෙයත් ෆලෝ කරන්නෙ. ඇයි අනේ ඒම?

:       0       0

පිටරැටියා Saturday, 20 September 2025 01:44 PM

සැබෑ ජනතාවාදී නායකයෙක් අපි ඔය දැක්කාමයි. මාළිමා ආණ්ඩුවෙන් අපේ රටට යහපතක්ම වේවා...

:       2       1

Kamal Sunday, 21 September 2025 12:26 AM

පිටරැටියා නොවේ.. ගොන් පැටියා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site