
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
හබරාදුව පිටිදුව ප්‍රදේශයේ නිවසක සිටි අවිවාහක විශ්‍රාමික ගුරු සහෝදරියන් දෙදෙනකු ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ පිටිදුව පදිංචිව සිටි විජයානන්ද සේනානායක නිමලා (81) සහ විජයානන්ද සේනානායක ජානකි(87) යන විශ්‍රාමික ගුරු සහෝදරියන් දෙදෙනකි.
මෙම දෙනොගෙන් වැඩි මහල් සහෝදරිය ගාල්ල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක වරියක් ලෙස සිට විශ්‍රාම ගොස් ඇති අතර නැගණිය ගාල්ල සංඝමිත්ත විදුහලේ ගුරුවරියක් ලෙස සිට විශ්‍රාම ගොස් ඇත.
මෙම පවුලේ සිටි සහෝදරයකු සහ සහෝදරියක මෙයට ටික කලකට පෙර මියගොස් ඇති අතර පසුව මෙම දෙදෙනා පමණක් නිවසේ පදිංචිව සිට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් සතුව තිබෙන ඉඩම් කඩම් ලබා ගැනීමට, ඥාතීත්වය අනුව හිමිකම් කියා හැකි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් සිදු කළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් විය හැකිය. අපරාධයක් කරලා කොහොමටත් බේරෙන්න හම්බවෙන්නේ නැහැ. අහුවෙනවා, අහුවෙනවාමයි.