(අංජුල මහික වීරරත්න)
සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක් හා ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 5000 මුදලක් ගෙවීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අමාත්‍යංශයේ ඊයේ (3)පැවති මාධ්‍ය හමුවකදීය.
" ලංකා සීනි සමාගමට උක් සැපයීම නවත්වන්න උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවට ප්‍රකාශයක් අප දුටුවා.ගිනිතැබූ උක් මෙට්‍රික් ටොන් 14 000 සීනි සමාගම මිලදී ගන්න තුරු කිසිදු ගොවියෙක් ලංකා සීනි සමාගමට උක් සපයන්නේ නොමැති බව පවසා තිබුණා.
ෙලංකා සීනි සමාගම පවතින්නේ උක් සැපයීම මතයි. සීනි සහ එතනෝල් නිෂ්පාදනය සිදු කරන්නේ උක් වලින්. ගොවියා උක් සපයන්නේ නැත්නම් සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමේ හැකියාවක් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගිනිගත් උක් මිලදී ගන්න රජය සූදානම්
මහසෙන් Thursday, 04 September 2025 08:37 AM
ඉට් ඉස් අ බිග් කුවෙස්චන්!!
ගුණරත්නThursday, 04 September 2025 12:03 PM
මේක නම් බිගස්ට් කුස්චන් එකක් තමා. 10,000ක් ලැබෙන එක 5000ට ගන්න තමයි මේ හදන්නේ, ඊට පස්සේ ලාබ තියෙනවා කියලත් පෙන්වන්න පුළුවන් නේ. මුන්ට ඉතින් ගොවීන්ට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ ගැලවිජ්ජාවට වැඩේ කලොත්.
maalaka Thursday, 04 September 2025 09:11 AM
රට හරි අතකට ගේන්න රජය කරන මහන්සියත්, ජනතාවගේ (කිහිප දෙනෙකු හැර) උනන්දුවත් දැක්කාම, මේ ගොවියන්ගේ ක්‍රියාකලාපය ගැන කලකිරෙනවා.
කෝ අර කුඹුරේ ගොයම් අමුවෙන් කාපු එකා Thursday, 04 September 2025 09:16 AM
දැනට උක් මිලදී ගන්නේ 10,000ට ලු. මෙයා කරන්න හදන්නේ දැන් ඒ ගන්න ගාන 9000 කරලා ඒ ගන්න රුපියල් 1000 ලාභෙන් 5000ගෙවන්න. එතනත් ගොවියාව හූරන් කන්න බලන්නේ.
උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස් Thursday, 04 September 2025 09:19 AM
කොහොමද මේ වෙලාවේ මෙයාලා විපක්ශේ හිටියා නම්. ගිනි තිබ්බේ ආණ්ඩුවෙන් කියලා බලාගෙන හිටියා වගේ කියලා ගොන් ගොයියො ටිකත් එක්ක කොනක ඉඳලා උක් ගස් කොලත් එක්කම කාවි. ඊට පස්සේ ටවුමට ගම් 10ක සෙනඟ එක්ක ඇවිත් පඹයො පුච්චලා හොටු පෙරාගෙන අඬලා කරන සීන් එක මැවිලා පේනවා.
යෝගා Thursday, 04 September 2025 09:41 AM
පහුගිය කාලේ උපරිම ලාභ ලබල ගොවියන්ටත් ලාභාංශ බෙදපු උක් කම්හල්. දැන් පාඩු පිට පාඩු. මොනරාගල ගොවියො ආයෙ වතාවක් වැරදි තීරණයක් ගන්නේ නෑ.