
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියකු රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් තම සිරුරෙහි සඟවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කරද්දී අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ කියයි.
මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංච් 37 හැවිරිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 17 වසරක් සේවයේ නිරත කෝප්‍රල්වරයෙකි.
සැකකරු අද අලුයම 02.00 ට පමණ ග්‍රෑම් 550 ක් බරැති රන් බිස්කට් 40 ක් තම ඉන ප්‍රදේශයේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිට වී යාමට තැත් කිරීමේදී , මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මේ වනවිට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1811
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් හමුදා බුද්ධි නිලධාරියා කෝටි දෙකක රන් පන්නන්න හදලා
Perera Saturday, 20 September 2025 02:33 AM
බුද්ධි මට්ටම බොහොම දුර්වල නිසා, නේ අහුවෙලා තියෙන්නේ.