
(කාංචන කුමාර ආරියදාස)
මාතලේ හෙට්ටිපොළ මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධාන 6ක ගොවි නියෝජිතයේ අද උදෑසන සිට හෙට්ටිපොළ නගරයේදී වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා විරෝධතාවයක නිරත වූහ.
මිනී පෙට්ටියක් නගර මධ්‍යයට රැගෙන විත් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් පැය කිහිපයක කාලයක් විරෝධතාවක නිරතවූහ.
පසුව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත තම ගැටළු ඇතුළත් සංදේශයක් බාරදීමට පියවර ගත්හ.
මෙම අවස්ථාවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජිතයන්ද එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොවීන් කියන ජීවීන් හරිම කරදරයක් රටකට. බිත්තර වී අඩුවට දෙන්න ඕනෑ. පොහොර නිකම් දෙන්න ඕන. වතුර නිකම් දෙන්න ඕනෑ. වගා වන්දි දෙන්න ඕනෑ. වී වැඩිමිලට ගන්න ඕනෑ. එහෙම කරලා අපි වැඩිමිලට හාල් ගන්න ඕනෑ. ඕක නවත්තලා පිටරට වලින් හාල් ගෙනත් මොවුන්ගේ කරදරේ ඉවර කරන්න...
වැස්සත් වැරැදියි පෑව්වත් වැරැදියි, පෝර නැහැ කියනවා... ඒක දුන්නාම වී මිල අඩුයි කියනවා... කවදාවත් මේ යන විදියට මේ අය සතුටු කරන්න බැහැ...
මේ කවදාවත් සතුටු කරන්න බැරි පිරිසක්
හැමදාම මේ අයට ප්‍රශ්න, වැස්කත් ලෙඩක් පැවිවත් ලෙඩක් , විමිල අඩුවුනත් ලෙඩක් , මේක කරුමයක්