
(එම්.සුසිල් ප්රියන්ත)
අම්බලන්ගොඩ පරණ පාරේ වෙළඳ සංකීර්ණයක අද(9)ඇතිවූ හදිසි ගින්නකින් කඩකාමර හතරක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අම්බලන්ගොඩ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයක විදුලි උපාංග අලෙවිහලක ඇතුලු කඩ කාමර හතරක් මෙම ගින්නෙන් දැවී ගියේය.
අම්බලන්ගොඩ නගර සභාව සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගිණි අරන් මදියි. මොකද මේ මහජන දේපොල කොල්ල කාපුවා. හිටපු නාගරික මන්ත්රීවරු තමයි වේ ගොඩනැගිල්ල මිලදී ගත්තේ. ඒ අයගේ මාසික වැටුප එකතු කරලා. අන්තිමට පහුගිය කාලේ පොහොට්ටුවේ එවුන් ටික මේක වෙන්දේසි කරලා එකා කඩ කෑලි තුන හතර වෙදා ගත්තා. අරගෙන වැඩි ගානට පිට අයට අලෙවි කලා. නියමම ගේම් තමයි මේවා. ඔහොම වෙලා මදිද? ඔය කඩ යායම ගිණි ගන්න ඕනෑ. දෙවියෝ නියමෙටම දඩුවම් කරලා තියෙනවා. තව මුන්ට වුනේ නැහැ. බලං ඉදහල්ලකෝ වෙන දේවල් ඉස්සරහට...