IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කෝටි 31ක මත්ද්‍රව්‍ය කූරියර් තැපෑලෙන් කටුනායකට ඇවිත්

(ටී.කේ.ජී.කපිල)

රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ  කූරියර් පාර්සල් ලෙස කටුනායක , සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ලැබී තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (03) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර එක්ස්ටැසී හෙවත් මෙතැම්පටමයින් පෙති 23,642 ක් , කොකේන් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 445 ක් , මැන්ඩී ග්‍රෑම් 993ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 098ක් ද තිබුණි.

මේවා කූරියර් පාර්සල් 07 ක් ලෙස සකස් කර ජර්මනිය , චෙක් ජනරජය , සැම්බියා , ඇමෙරිකාව , කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ , පානදුර , වත්තල , රාජගිරිය සහ මොරටුව යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි .

මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම නිසා ,මෙම ලිපිනයන් පිළිබද රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සොයා බලා ඇති අතර ඒවා සියල්ල ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.



අදහස් (0)

කෝටි 31ක මත්ද්‍රව්‍ය කූරියර් තැපෑලෙන් කටුනායකට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 289 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16265 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 601 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site