IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන එයි

(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරිය ආරච්චි) )             

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පිරිස අද සවස දිවයිනට රැගෙන ආවේය.

එසේ රැගෙන ආ පිරිස අතර කොමාන්ඩෝ සලින්ත නොහොත් පිට්ටුවා , බැකෝ සමන් , පානදුරේ නිලංග සහ තැඹිලි ළහිරු නැමති අන්වර්ථ නාම වලින් හදුන්වන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සිටියි  .

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ලෙස ආරක්ෂාව තර කර ඇති ආකාරයක් දැක ගන්නට තිබේ .

ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ,පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය , පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලීසියේ , පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

(ඡායාරූප- ටී කේ.ජී කපිල)

 

 



අදහස් (28)

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන එයි

කෞෂි Saturday, 30 August 2025 07:39 PM

වැදගත් මහින්දලත් ඉන්නව එහෙනම්!

:       15       24

ලූට මූස් Saturday, 30 August 2025 07:41 PM

එකල බැරි දේ, මෙකල සිදුවේ, මොකද මේ අරුමේ.

:       54       43

මයි2centzSunday, 31 August 2025 10:31 PM

කිමද මේ අරුමේ, මට නොහැඟෙයි ප්‍රිය සොඳුරේ .. ඊයේ උදයේ ...

:       1       4

පොඩ්ඩා Saturday, 30 August 2025 08:09 PM

අඩෝ කූඹ්යනේ…, තොපිට විතරක් නොව බොල, දැන් අපිටත් රජෙක් ඇත්තේ.

:       41       32

Rohana Saturday, 30 August 2025 08:20 PM

ඉතින් මේ කට්ටිය පිලිගන්න රජයේ වැදගත් අය කීපදෙනෙක් සහ නැටුම් කණ්ඩායමක් කටුනායකට යවන්න අමතක වුණාද ?

:       36       59

වෙන්ඩ රජ්ජුරුවන්ගෙ ලොකු මෝඩ පුතා Saturday, 30 August 2025 08:24 PM

මේ අයව හොඳට බලාගන්න ඕනේ. අපේ ලඟම ආධාරකාරයෝ.

:       42       30

රට වැසියා Saturday, 30 August 2025 10:08 PM

ආණ්ඩුවේ ලොකු ‍ලොක්කෝ ද පොලිස් ලොක්කන් ද මාධ්‍ය සංදර්ශන පවත්වමින්ද, ඇතැම් රූපවාහිනි චැනල් බ්රේකින් නිව්ස් දෙමින් සමරන මහා ජයග්‍රහණය. රටේ තිබුණ ලොකුම ප්‍රශ්නය ඉවරයි වගේ. පාතලයක් නැති හෙටක්.

:       43       65

Angna Kouross Sunday, 31 August 2025 03:14 PM

ඔය කට්ටියම කියනවා ආණ්ඩුව මුකුත් කරන්නෑ කියලා. කරපුවම ඒකත් අවුල්. මුන්ට හරියන්නේ මේ පාතාලයන්ට කිරි පොවපු හිටපු හොර නඩේම තමයි.

:       55       46

සමන් - ඕමානය Saturday, 30 August 2025 10:31 PM

ඇමති හා පොලිස්පති ගියා? රාජ්‍ය නායකයෙක් ආවා වගේනේ. මල්මාලා දාලා පිළිගත්තද දන්නේ නෑ.

:       35       73

nimal Saturday, 30 August 2025 11:39 PM

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන එයි. එසේ වුවත් අපරාධකරුවන් රැගෙන ඒම රගපෑමක් නොවිය යුතුයි.

:       23       52

Perera Sunday, 31 August 2025 05:22 AM

මොවුන්ට ආශිර්වාද දුන්නු දේශපාලුවන් කුදලන දවස වැඩි දුරක නැහැ..

:       39       35

රට වැසියා Sunday, 31 August 2025 12:40 PM

මේ මහා අපරාධ කරුවන් අල්ලා ගැනීම අපරාධ මැඩලීමේ ඉතාම වැගත් ජයග්‍රහනයකි! ඒ ගැන ආණ්ඩුවට පැසසුම්, නමුත් මෙය "මහා මාධ්‍ය ප්‍රදර්ශනයක්" කරගෙන ගැලරිය පිනවීම ගැන නම් ඉතාම අප්‍රසන්නයි, අතිශයින්ම දේශපාලනිකයි. ලෝකයේ අනිත් රටවල ‍ මේ වැනි දේ කරන ආකාරය යුටියුබ් විඩියෝ බලලා හරි ඉගෙන ගන්න, විශේෂයෙන්ම පොලිස්පතිතුමා සහ පොලිසිය බාර ඇමැතිතුමා පරිණත මනුස්සයින් ලෙස කටයුතු කරන්න, මේ වැනි දේ පුනරුදයකට යන ගමනේදි සිදු නොවිය යුතුයි...!

:       24       91

pakeerSunday, 31 August 2025 02:35 PM

ඔයාට එහෙම කියන්න බැහැ. හේතුව ඔයා මේකේ සැලැස්ම දන්නේ නැහැ.

:       37       19

නාමල් Sunday, 31 August 2025 06:31 PM

පකීර් කියන්නෙ ඉතින් මෝඩ පකීර් කෙනෙක්ම තමයි..කොහිනත් මේ මිනිස්සුන්ට ගැලපෙන්නෙ මේ වගේ මෝඩ පකීර්ලම තමයි.

:       2       1

අන්_රSunday, 31 August 2025 02:49 PM

හැම පැත්තෙන්ම ෆේල්වෙලා චාටර් වෙලා ඉන්න කොට මේකෙන්වත් ලකුණු ටිකක් දාගන්නයි බැලුවේ. ඒකෙනුත් නෝන්ඩි වුණා.

:       34       57

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 31 August 2025 03:41 PM

පුදුමයි අල්ලන් ආපු අපරාධකාරයන්ට මල්මාලා දාලා පිලිගත්තේ නැති එක. එහෙව් මොට්ටයෝ ටිකක්.

:       26       54

යසපාල Sunday, 31 August 2025 03:50 PM

පක්‍ෂයේ පාලනයක් නැතුව ඇමැතිලාට තනි තීරණ ගන්න දෙන්න එපා අනුර සහෝදරයා. මේ වගේ වැඩ අපිට ප්‍රශ්නයක්...

:       19       76

පිටිගල මිලානෝ Sunday, 31 August 2025 05:19 PM

ඕලුගල මහත්තයා බරපතල ලෙස දේශපාලන පළිගැනීම් වලට ලක්වුන කෙනෙක්… දක්ෂ නිලධාරියෙක්... ඔහුට බාල බොහෝ අය දැනටමත් ඩී අයි ජීලා.. මොහුට වහාම ඩී අයි ජී උසස්වීමක් දෙන්න...

:       14       19

SIRI Sunday, 31 August 2025 05:31 PM

"අපි පාතාලෙ" කියල එයාලාම කියන අයගේ මූණු බොඳ කරලා ඒ ගොල්ලෝ කුදලාගෙන ආපු පොලිස් නිලධාරීන්ගේ මුහුණු පෙන්නන මහ අමුතු රටක් මේක...

:       10       66

Jagath Leanage Sunday, 31 August 2025 06:11 PM

දැන්, අපේ පොලීසිය ඒ ගොල්ලන්ගෙ රාජකාරි නිසි ලෙස ඉටු කරනව. ශ්‍රීලාංකියෙකු විදියට අපිට හරිම සතුටුයි ආඩම්බරයි.

:       1       1

පිටරැටියා Sunday, 31 August 2025 06:25 PM

පාතාලකාරයෝ පෝෂණය කෙරුවේ ,,උන්ව රැක්කේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ . තමුන්ගේ මැරකම් චණ්ඩිකම් වලට, සුදුවෑන් ගාතන අතුරුදහන් වලට ,කඩාකප්පල්කාරී වැඩ වලට, චන්ද වියාපාර වලට පාතාල කාරයන්ගේ සහාය නොඅඩුව ලැබුනා.මාළිමා ආණ්ඩුවෙන් පාතාලය මර්දනය කිරීමට ගත් පියවර ගැන සතුටුවෙනවා

:       1       1

චන්දිමාල් Sunday, 31 August 2025 06:34 PM

පාතාල කාලකන්නින්ගෙ මූන වහල පෙන්වන්නෙ උන්ට තර්ජනයක් වෙයි කියල දුකටද ? මේකට විශාල කැපකිරීමක් කරපු පොලිස් විරුවන්ගේ මූනු පෙන්නුවම ඒක ඔවුන්ට සහ පවුල්වලට විසාල තර්ජනයක්.ඒක තේරුම් ගන්න මේ සන්දර්ශන සංවිධායකයන්ට මොලයක් තිබ්බෙම නැත්ද

:       1       2

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 31 August 2025 08:05 PM

කෝ මෙතන පළමුව මව්බිම, දෙවනුව මව්බිම, තෙවනුවත් මව්බිම චායාරුපය නැහැනේ !

:       4       1

මෝඩ තරිඳු Sunday, 31 August 2025 08:18 PM

දැන් තමයි රුබිකොන් පිරිස්ටයි, අර්ශස් කළු රත්නේටයි වැඩ තියෙන්නේ ! හරක් කටාගේ තාත්තට දිවිරුම් ප්‍රකාශයක් හදන්න ලක්ෂ 50ක් ගත්තාවගේ, තව කුඩු සල්ලි කෝටි ගානක් ගන්න පොටක් පැදීලා, මුන් ජෝඩුවට !

:       1       1

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම (නිළලත්) Sunday, 31 August 2025 08:19 PM

දැන්වීමයි. තව හොරිකඩයෙක් අපේ සමාගම නමින් මෙහි අදහස් පලකරන අතර මෙවැනි වංචනිකයින්ට අසුනොවන ලෙස අපගේ ඩෝබි සමාගමේ ගණුදෙනුකාර භවතුන්ට කාරුණිකව දැනුම් දෙමු. මීට යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ දෙපල

:       3       2

තඹුත්තේගම කමල් Sunday, 31 August 2025 08:23 PM

කන්ජි කියන දේ අනුර කරනවා ! අනුර කියන දේ විජේපාල කරනවා ! කොහොමද ටිකිරි මොලේ ! අනුරගේද ? නැහැ නැහැ කන්ජිගේ !

:       4       3

නන්දන පනා-මිලානෝ Sunday, 31 August 2025 11:16 PM

කපුටාව ගේන්නේ කවදාද…?

:       2       4

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:03 AM

පාතාලය මැඩ පවත්වන්න බැහැ කියලා උදේ හවා කෙදිරි ගෑව අබල දුබල විපක්ෂයේ හොරු සෙට් එකට හොදටම රිදිලා සහ බයවෙලා බව පෙනෙනවා කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු සෙට් එක එකපාරටම අල්ලලා ලංකාවට ගෙනාවම, දැන් කියනවා ඇමති සහ පොලිස්පති ගුවන් තොටුපලට ගිහිල්ලා මාධ්‍ය සංදර්ශන පවත්වනවාලු.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 91 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15675 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 540 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site