IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන්

(ටී.කේ.ජී.කපිල )

වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අද(29 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

වීසා නොමැතිව , කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ රැකියා වල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිර ගෙවල් සහ රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තබා සිටීමෙන් පසුව , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබූණි .

මෙම පිරිස කුවේට් රාජ්‍යයේ සිට සාජා නුවර වෙත රැගෙන විත් , එතැන් සිට අද  අලුයම 04.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 - 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින් , ඔවුන්ට සිය ගම් - බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණි .

 



අදහස් (3)

කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන්

පිටරටවැසියා Thursday, 29 May 2025 10:16 AM

මේ මිනිස්සු රට ගියේ ආතල් ගන්න නෙමෙයි; ජීවත් වෙන්නයි, පවුල්වල උදවියට ජීවත් වෙන්න ලංකාවට ඩොලර් එවන්නයි. වීසා නැතිවත් සුළු-සුළු රැකියාවන් කළේ ජීවත් වෙන්න මිසක් හොරකමකට නෙමෙයිනෙ. එහෙම එකේ, මාද්‍ය පුවතක් හැටියට මෙය පළකළත්, පින්තුර නොදා ඉන්න තිබුණා. මහලොකුවට "රටවිරුවෝ " කියලා නමට පාරම් බෑවට වැඩක් නෑ...මෙවැනි අසරණ මිනිසුන්ගේ පිංතුරත් සමග විස්තර දාන්න මැලි නොවන මාද්‍ය, හොර-තක්කඩි දේශපාලුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පැහැදිලි විස්තර හෝ පින්තූර දාන්න මැලිවෙන්නේ ඇයි???

:       0       20

Kamal Koyrala Thursday, 29 May 2025 11:35 AM

කිසිඳු විමර්ශනයකින් තොරව මහජන මුදලින් ඔවුන් පිටත් කර හරියේ කෙසේද ?

:       5       2

මාලිමාගැත්තා Thursday, 29 May 2025 12:57 PM

මැදපෙරදිග නම් යා යුත්තේම නිවැරැදි මාර්ග ඔස්සේ පමණි. එවිට ඔවුන්ට රැකියාව, රක්ෂණය ඇතුළු පහසුකම් ලැබේ. ප්‍රශ්න ඇතිකරගෙන වැඩ කරන ස්ථානයෙන් පැන ඔවුන් කරන්නේ නරක රැකියා විය හැකිය. නීති තදින්ම ක්‍රියාත්මක වනබැවින් මෙවැනි රටවල අනවසරයෙන් රැඳී නොසිට වහාම තම මව්බිම වෙත පැමිණිමයි සුදුසු...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 265 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 580 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site