IMG-LOGO

2025 ජුනි මස 05 වන බ්‍රහස්පතින්දා


කාර්මික දෝෂකින් ලොරියක් දුම්රිය පාරේ යයි

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල කොළඹ මාර්ගයයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී  මාර්ගයයේ ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරියක් හදිසියේම මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට කඩා ගෙන යාමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට අද (3) බාධා සිදුව ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

කොළඹ සිට බදුල්ල සුපිරි වෙළදසැලකට ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් මෙසේ අනතරට පත් ව ඇති බව පොලිසිය කීය.

ලොරිය බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල පල්ලමේ ධාවනය වෙමින් තිබියදී එක් වරම ලොරියේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් පල්ලමේ ආ ලොරිය, රියදුරු  විසින් දුම්රිය හරස් මාර්ගයට දමා නවතා ගෙන ඇති බවත් පොලිසිය සදහන් කලේය.

අනතුරින් ලොරියට අලාභහානි වී ඇති අතර රියදුරු රියසහයක තුවාල නොලබා බේරී ඇතයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා අලුයම 5.55ට ගමන් ආරම්භ කල පොඩි මැණිකේ දුම්රිය දැනට දියතලාව දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත්, උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය 

දුම්රිය මාර්ගයට කඩාවැටී ඇති ලොරිය ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ .ඒ.ආර් පී අමරසිංහ පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කාර්මික දෝෂකින් ලොරියක් දුම්රිය පාරේ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 16 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 417 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site