IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කලා වැව් පිටිය අලින්ට ඉන්න හිතෙන තැනක් කරයි

(අංජුල මහික වීරරත්න)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු 'කලා වැව ආයෙත් අලින්ට දෙමු' ව්‍යාපෘතිය තෙදිනක් පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබේ.

ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණ වලට වන අලි මහත් රුචිකත්වයක් දක්වති. කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බව⁣ට අනුමාන කෙරේ. මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදිති. ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය මාස කිහිපයේදී , වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයෝ කිහිපදෙනෙක් මිය ගියහ. ප්‍රදේශයේ වී වගාව බහුලව සිදු කෙරෙන අතර, සෝයා,බඩ ඉරිඟු , පලතුරු හා එළවළු වර්ගද වගා කෙරේ.

ඒ අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලු වැව වැව් පිටිවල ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීමට ඉකුත් 5 දා ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය එය ඊයේ අද (7) දිනද සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි.මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබු ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත් කිරීම සිදු කෙරිණි.

 



අදහස් (0)

කලා වැව් පිටිය අලින්ට ඉන්න හිතෙන තැනක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17137 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site