
(සුමිත් පොතුපිටිය )
කළුතර බන්ධනාගාරයට ඉතා සූක්ෂම ලෙස කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්කුඩු ලබාදීමට පැමිණි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු බව පොලිසිය කීය.
බස්නාහිර පළාත් බුද්ධි නිළධාරින්ට ලද තොරතුරක් මත සැකසහිත ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමේදී බෑගයක තිබූ කලිසමක වාටියේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් ,ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන 2 ක් සහ ත්‍රිරෝද රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd