IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොරියා තානාපතිනිය- අගමැතිනී හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  සහ ශ්‍රී ලංකාවේ කොරියා තානාපති  Lee Miyon මහත්මිය අතර  හමුවක්  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

කුලියාපිටිය නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය වෘත්තීය පුහුණුව සඳහා ආදර්ශ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම, වෘත්තීය විෂයයන් ජාතික පාසල් විෂය මාලාවට ඒකාබද්ධ කිරීම සහ මෙම විෂය ධාරාව උගන්වනු ලබන ගුරුවරුන් හට විශේෂිත ගුරු පුහුණුවක් ලබා දීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී යෝජනා විය.

සංවර්ධන කටයුතු සඳහා  කොරියා ජනරජයේ අඛණ්ඩ  සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව මෙහිදී තානාපති Lee Miyon මහත්මිය පැවසූ අතර සිසුන් බහුතරයකට ප්‍රතිලාභ සැලසෙන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ද කොරියා ජනරජයේ උනන්දුව තානාපතිනිය පැහැදිලි කළා ය.



අදහස් (0)

කොරියා තානාපතිනිය- අගමැතිනී හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site