IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කබ්රාල් - ලලිත් නිදොස් කොට නිදහස්

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.

එම නඩුව සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් වගඋත්තරකාර පාර්ශ්වය නිදහස් කළ අධිකරණය, එම නඩුව නිශ්ප්‍රභ කළේය.

මෙම පුද්ගලික පැමිණීල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ, නාලන්දාරාම, නුගේගොඩ ලිපිනැති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ අරමුණට මුවාවී එකවකට එනම් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිට, ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඇමරිකානු සී. අයි. ඒ. ඔත්තු සේවයේ නියුතව සිටි ඉමාඩ් ෂා සුබයිර් යන අයට ගෙවා ඇති බවට සදහන් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණීල්ල ඉදිරිපත් කර තිබිණී.

 



අදහස් (13)

කබ්රාල් - ලලිත් නිදොස් කොට නිදහස්

wedage Wednesday, 04 October 2023 04:55 PM

එතකොට මුදල් දීලම නැද්ද? මේ ඩොලර්වලින් කොපමණ වැඩකරන්න පුළුවන්ද? තිළිණ ගමගේ මහතා අලියෙක් සන්තකයේ තිබෙනවද?

:       7       45

Shashika519 Wednesday, 04 October 2023 04:59 PM

කොටුව මහේස්ත්‍රාත් තිලිණ....

:       4       32

fairoos Wednesday, 04 October 2023 05:26 PM

ඒකටනේ දේශපාලනයට එන්නේ... නඩුත් නැහැ... බඩුත් නැහැ.

:       4       33

විපරමා Wednesday, 04 October 2023 06:44 PM

තිළිණ ගමගේ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති. අනික් දූෂිතයෝ දෙන්නා ගැනත් ලෝකෙම දන්නවා. දෙන්නම රාජපක්ෂලගේ හෙන්චයියලා නිසා නිදහස් කරන්න ඇති...

:       0       0

nihal Wednesday, 04 October 2023 08:17 PM

මේවා ගොර ..බර...මර... ගේ ඉල්ලීම මත ....සූත්තර පුංචා ගේ ..නියෝගයට ...තිලින ගමගේ යාචකයෙක් වී කොලේ වසා ගසන ලදී

:       0       4

Perera Wednesday, 04 October 2023 11:31 PM

අලියෙක් නීති විරෝධීව තියන් හිටපු නඩුවෙන් ක්‍රම සහ විදි වලින් නිදහස් වෙච්ච තිලින නේද මේ ?

:       0       4

Nimal Thursday, 05 October 2023 08:19 AM

දැන් මේ කට්ටිය දෙරණට ඇවිත් පාරම් බායි .මම දැක්කා රවුලකුත් වවාගෙන මොනවද මොනවද කියවනවා

:       0       4

ලුම්බිණි Thursday, 05 October 2023 08:59 AM

නඩුත් අපේ බඩුත් අපේ. මේ ලෝකෙන් උතුම් රට.

:       0       4

namal Thursday, 05 October 2023 09:31 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       5

Bunny Preena Thursday, 05 October 2023 10:45 AM

කොහොමටත් ලොකු ලොකු අය 'නිදොස් ' සහ නිදහස් අයනේ

:       0       4

wedage Thursday, 05 October 2023 11:58 AM

නැවත නදුවක් දමන්න බැරිද ?විගණකාධිපති වාර්තාවක් ඉල්ලලා නැත්ද C.I.A කාරයෙකුට සල්ලි ගෙවන්න කබ්රාල්ට තියෙන බලය කුමක්ද ?

:       0       2

Nimal Thursday, 05 October 2023 12:28 PM

ඩොලර් මිලියන ගණන් වංචා කරාට අහුවෙන්නේ නෑ .පොල් ගෙඩියක් වගේ හොරකම් කරානම් කෙලින්ම හිරේ

:       0       2

Helasiri Thursday, 05 October 2023 07:10 PM

මේකේ කම්මෙන්ට් කරලා තියෙන බොහෝ අය මූලික තක්සේරුවක ඉන්නවා මෙහෙම CIA නියෝජිතයෙකුට මේ දෙදෙනා මුදල් ලබාදී තිබෙනවා කියා.. යහපාලන කාලේ මෙහෙම කිසි පදනමක් සාක්ශියක් නැති නඩු ඕන තරම් විපක්ශයේ පුද්ගලයන්ට දැම්මා.. සමහර ඒවා සාක්ශි නිර්මානය කරලා දැම්මා.. ජොන්ස්ටන්ට දාපු සතොස වංචා නඩුව ඒවගේ එකක්.. විනිසුරු වරයෙකුට තමන්ට ඕන විදිහට නඩුවලින් චූදිතයෝ නිදහස් කරන්න බෑ.. මේ වෙලා තියෙන්නේ නඩුව පවත්වාගෙන යන්න සාක්ශි නොමැතිකම..සාක්ශිනෑ කියන්නේ නඩුව දාලා තියෙන්නේ බොරු චෝදනාවක් මූලික කරගෙන.. අවශ්‍යය නම් මේ නඩුව නැවත සාක්ශි සමග දාන්න පුළුවන්.. දේශදේශපාලන වේදිකාවේ ඇදබාන කෙඹර වලට නඩු දාන්න ගියාම ඔහොම වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලක්ෂ 600ක දුම්වැටි සමඟ හතරක් මාට්ටු
2025 මැයි මස 11 12 0

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ


සේමිණි අත්අඩංගුවට
2025 මැයි මස 11 210 0

සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.


කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 240 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 155 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 883 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4939 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 936 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1419 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 369 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site