
(ගයාන් සූරියආරච්චි)
කාන්තාවක නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස්කර නිරුවත් ඡායාරූප කාන්තාවකගේ මුහුණකට බද්ධකර ප්‍රචාරය කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර එඩහේන්තැන්න ප්‍ර දේශයේ පදිංචි 22 හැවිරිදි කාන්තාවකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව කළ විමර්ශනවලින් අනතුරුව එම නිරුවත් ඡායාරූප පළකළ බව කියන කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි පරිගණක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිනී චන්දිමා අරුමප්පෙරුම මහත්මියගේ උපදෙස් පරිදි මහනුවර පරිගණක අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතකගේ මුහුණට නිරුවත් ඡායාරුප බද්ධ කළ කතක් අත්අඩංගුවට
ගුණරත්න Friday, 24 October 2025 08:22 PM
ආටිෆීෂල් ඉන්ටෙලිජන්ස් වලින් මේවා එක ක්ලික් එකෙන් කරන්න පුළුවන් වුනත් පසුබිමේ විශාල සම්පත් නාස්තියක් වෙනවා. මොකක් හෝ දෙයක් ඉගෙනගන්න හෝ ප්‍රයෝජනවත් කාර්යයකට ඔය සම්පත් යොදවන්න. මේ මෝඩ ළමයි දැන් හිරේ රිමාන්ඩ් තැපලා ජීවිතෙත් නාස්ති කරගෙන...