IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කටාර් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුතු මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

කටාරයේ දෝහාඅගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ(09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

එම ගුවන් ප්‍රහාරයේදී දෝහා නුවර හමාස් නායකයන් රැඳී සිටි ස්ථානයට බෝම්බ දහයක් පමණ ඊශ්‍රායල හමුදාව හෙළා තිබූ අතර ඉන් නගරයේ පිපිරීම් කීපයක් සිදුවිණ.

ප්‍රහාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව තිබූ බවද වාර්තා විය.

ප්‍රහාරයෙන් පසුව නිවේදනයන් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ සිවිල් වැසියන්ට අවම හානියක් වන පරිදි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවත් ත්‍රස්තවාදීන්ට ලෝකයේ කිසිම තැනක බේරීමක් නොමැති බවට ප්‍රහාරය සාක්ෂියක් බවත්ය.

කෙසේ වෙතත් ඝාතනය කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ හමාස් නායක කලිල් අල් හේයා ප්‍රහාරයෙන් ජීවිතය බේරාගෙන ඇති අතර ඔහුගේ පුත්‍රයාට සහ තවත් පස්දෙනෙකුට ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වී ඇත.

ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයන් අතර කටාර් හමුදා සාමාජිකයකුද සිටිනන බව එරට බලධාරීන් ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

කටාර් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුතු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site