
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම පාර්ශව වෙත කෘතඥතාවය පළකර සිටීමට කැමැත්තෙමු. සැමරුම් උත්සවයට සහභාගී වූ මෙරට දේශපාලන පක්ෂ නායකයින්, ඔවුනගේ නියෝජිතයින්, බහුජන සංවිධාන ඇතුළු සියලු කණ්ඩායම්වලටද අපගේ ස්තූතිය පුද කෙරෙයි.
හැත්තෑ නව වැනි සැමරුමට සහභාගී වූ දේශපාලන පක්ෂ නායකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ අනිකුත් නායකයින් හැමදෙනෙකුම වාගේ අවධාරණය කළ කරුණ වූයේ පවතින අභියෝග හමුවේ එකට එකතු වී ක්‍රියා කිරීමේ වැදගත්කමය.
මෙරට බහු පක්ෂ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සංවත්සර සැමරුමේදී අදහස් දැක්වූ නායකයෝ පෙන්වා දුන්හ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද එයම වන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සැමරුමේදී එකඟතාවයට පැමිණි ආකාරයට වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරමු. එජාප සංවත්සර සැමරුමේදී එළැඹි ඒ වැදගත් ස්ථාවරය වෙනුවෙන් සියල්ලන්ම කැපවෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සුන්දර ඒකාධිපතියා රටට ගැම්මක්...
ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත දේසපාලුවෝ, ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරාගෙන කෑවා. ඔවුන් බලාපොරොත්තු වුනේ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කිරීමයි.
ඒකාධිපති වැඩපිළිවෙළ නිසා අපේ අහිංසක තරුණයෝ 65000ක් පුච්චලා මැරුවේ UNP ආණ්ඩුව දැන් එහෙම ඒකාධිපති ක්‍රමයක් නැහැ. එහෙම තිබුණා නම් මෙලහකටත් ඔය කයිවාරු කාරයෝ ආගිය අතක් නෑ.
හරියට කියන්න. හොරකමට විරුද්ධ වීමට විරුද්ධවයි සටන් කරන්නේ කියලයි කියන්නේ. ඒකනේ ඔය කරන්නේ කියලා රටේ මහජනතාවට හොදට තේරෙනවා...
එක්සත් ජාතික පක්ෂයට වසර 79... ඒකින් වසර 31ක්ම පරාජිත සහ අසාර්ථක නායකයාට පණ දෙන්න දූෂිතයෝ සේරම එක්වෙනවා නම්, ඔවුන්ගේ මෝඩකම පිළිබදව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
නැගිටීන්... දැන් ඉඳගනීන්... ආයිත් පාරක් - නැගිටීන්... දැන් ඉඳගනින්...
හරියටම හරි. එක නායකයෙක් තෝරගෙන ඊළඟ ඡන්දෙදි ඔයාලා හැමෝම එකතුවෙලා ඉල්ලන්නකෝ. එකම වර්ගයේ ඈයෝ නේ. හැමෝටම ලේසියි.
"කරුණාකර මේ ප්‍රශ්නවලින් ගොඩ ඒමට අපට උදව් කරන්න.. කරුණාකර අපි රටට කළ දේ අමතක කරන්න. අපට තවත් අවස්ථාවක් දෙන්න. "
රටේ නීතිය ක්‍රියාත්මක වීම, ඒකාධිපති ක්‍රියාවක් ලෙස දකින්නේ, දාර ගොනුන් ඇර වෙන කවුරුන්ද?
ඕනෑම දේශපාලන කඳවුරකට කැමැති ඕනෑම කෙනෙක් කුණුහරප ලියනවා. නමුත් ගැටලුව වන්නේ ප්‍රාග්ධන සම්පාදනයක්, නව ව්‍යාපාර හෝ ආයෝජන නොමැති වීමයි. විරැකියාව ඉහළයි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස අවශ්‍යයි. සර්කස් පමණක් ප්‍රමාණවත් නොවේ. බුද්ධි ගලනය දැන් ලොකුම ප්‍රශ්නයයි.
හොරාකාපු උබලට තමයි ප්‍රශ්නේ. ජනතාවට කිසිම හින්සාවක් නැහැ. උබලා කොහොමද කෙලින් හිට ගන්නෙ. කොන්ද පනනැති ගොබ්බ රැලක් එකාට එකා බයයි. දැන් මාලිමාවටත් බයයි. එකට ඇලවිලා හිටියත් වැඩක් නැහැ ජනතාව නැතිව කලින් දාපු සෙල්ලම් ඉවරයි නේද දැන්. වාහන පමිට්. බාර් පමිට්. දැන් මේවා නැතිව උන් වගෙ ඇති නේද මේ මීහරක් රෑනව නැවත පත් කර ගන්න හිතුවා මදි. මෝඩ නාමල්. බේබි අනුන්ගෙ පක්ශවල රැස්විම් වලට බලෙන් යනවා අනාගත ජනාදිපති එයා කියලා හිතන්. ජනතාව ඉන්බෙ මුන්ට වැඩිය ගව්ගානක් දුරින්
අසේල කියන විදිහට, කලින් එවුන් ආණ්ඩු කරපු කාලේ ඔයා කියන දේවල් නියමෙට ප්‍රමිතියට තිබිලා ලංකාව සුර පුරයක් විදිහට නේ තිබුණේ නේද ?
පරාජයේදී සමගිය හා එකමුතුකම ගැනත් ජයග්‍රහණයේදී බෙදාගැනීමට නොහැකිව අමනාපකම් හා අඩුපාඩුකම් කතාකරන ලංකාවේ බංකොලොත් පක්ෂ දේශපාලනය මෙයයි.
පරිස්සමින් ,තනි ධමනි ලොන්ත කජු සීයා එක්ක ද උබලා නැගිටින්නේ මට හිනා....
එකට නැඟිටින්න හදනවද එකට බේරෙන්න හදනවද ? කිසිකාලෙක තිබුනේ නැති එකමුතුවක් මේ හදිස්සියේ හදන්න ඕනෑවෙලා තියෙන්නේ හිරේ යන එකෙන් බේරෙන්න මිස රටට වැඩක් කරන්න නෙවේනේ. "අපි නොදන්න ලයිව්" කීවලු.