(නයනජීව බන්ඩාර)
දේශීය දුඹුරැ සීනි අලෙවි කර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පවසයි.
මෙි වන විටත්, අලෙවිකර ගත නොහැකිව සීනි මෙට්‍රික් ටොන් 6000ක් පමණ, කර්මාන්ත ශාලාව තුළ ගබඩාකර තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.
විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා මෙසේ ද පැවැසීය.
“අපට සීනි කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 250 විතර මුදලක් වැයවෙනවා. නමුත් අපෙන් සීනි කිලෝවක් ඉල්ලන්නේ රුපියල්175ක් වගේ මුදලකට. එතනෝල් ලීටරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 475 - 550 ක්වගේ වියදමක් යනවා. නමුත් අපෙන් එතනෝල් ඉල්ලන්නේ නිෂ්පාදන වියදමටත් අඩුවෙන්, මේ නිසා මෙරට අනෙක් සීනි සමාගම් වගේම අපේ සමාගමත් ඉන්නේ විශාල අර්බුධයක’’
දේශීය සීනි සදහා විශාල බද්දක් පනවා. ආනයනික සුදු සීනි සදහා බදු සහන ලබාදීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බව සීනි සමාගම් පවසයි.
“ දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි සදහා රජය සීනි කිලෝවක් සදහා සියයට 18ක බද්ධක් අයකරනවා නමුත් ආනයනික සීනි බද්දෙන් නිදහස්.ඒ වගේම අපේ සීනි අලෙවියෙන් හා එතනෝල් අලෙවියෙන් ලැබෙන ලාභය මත පිළිවෙළින් තවත් සියයට 30ක් සහ සියයට 45ක බද්දක් අය කරනවා. ඊට අමතරව සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දකුත් අපි ගෙවන්න අවශ්‍යයි. ඒ වගේම සෑම මොලැෂස් ටොන් එකකට රුපියල් 10000ක තව ගෙවීමක් කළ යුතුයි.
මෙහෙම බදු ගෙවලයි අපි මෙි සමාගම පවත්වාගෙන යන්නේ
ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය තුල සේවය කරන සේවකයින් සංඛ්‍යාව 1100 කි. පවතින මෙම අර්බුධයත් සමග මෙම වැඩකරන සේවකයින්ට වැටුප් ගෙවීමද ගැටලුවක් වන බව, සමාගමේ මානව සම්පත් කළමනාකාර ඉසුරු රත්නායක මහතාගේ අදහස වී තිබෙි.
ඔහු පවසන්නේ දැනට ගබඩාකර ඇති සීනි තොගය අලෙවිකර නොගතහොත් ඉදිරි මාසයේ සේවක වැටුප් ගෙවීමද අර්බුධයක් බවයි.
ඇතිමලේ සීනි සමාගම යටතේ උක්ගොවියන් 8000ක් පමණ සිටිති.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඇතිමලේ සීනි සමාගමත් දුක කියයි
යෝගා Saturday, 31 May 2025 01:23 PM
හඳුන්නෙත්ති කයිය ගැහුවේ මුලු ආසියාවටම සීනි අපනයනය කරනවා කියලයි. බලය දුන්නාම අනාගැනීමේ සීමාවක් නෑ...
මාලිමාගැත්තා Saturday, 31 May 2025 01:25 PM
රටේ නිෂ්පාදන වලට බදු ගහලා ඒවා නැතිම කරලා දාන්න ඕනෑ. ආනයනය කරන ඒවාට බදු සහන දීලා පුළුවන් තරම් ආනයනය කරවන හිතවතුන් පොහොසත් කරවන්න ඕනෑ. රටේ සේරම කර්මාන්ත වැහිලා ගියාම තමයි පෝලිමේ ඉන්න ආයෝජකයින්ට අවස්ථාව ලැබෙන්නේ. අවශ්‍ය වුණොත් දකුණු මුහුදට පනිමු. උතුරෙන් පනින්න බෑ. ඒ පැත්ත දැන් කොට් අල්ලනවා ආයේමත්...
senaSaturday, 31 May 2025 03:03 PM
ඒක තමයි මේ අනුරට මෙලො දෙයක් තේරෙන්නේ නැහැ... මතකද ඔයාලාගේ ලොක්කා එක සැරයක් සීනි බද්ද එක දවසකට විතරක් සත 25 ට බැස්සුවා... ඒ වගේ වැඩනේ කරන්න ඕනේ...
සෙනෙවිරත්න Saturday, 31 May 2025 02:24 PM
ආනයනික සීනි බද්දෙන් නිදහස් කතාව පිළිගත නොහැකියි. ගෝඨාභය අඩු කලේ ඔය බද්ද, ඒත් ඒක යළි පැනෙව්වා. මෙතැන වෙන්නේ කවුරුත් සත්‍ය කතා නොකිරීම. නමුත් මේ සඳහා රජය මැදිහත්විය යුතුයි...
සිල්වා Saturday, 31 May 2025 05:48 PM
ඔය සීනි තොගය සතොසට විකිණීම සඳහා සාකච්ඡා කරන්න. විසඳුමක් ලැබේවි.
රනේ Sunday, 01 June 2025 03:44 PM
සීනි වැඩි මිලට අරන් අපි කියලා කොහේ යන්නද මල්ලි?