(රන්ජන් කටුගම්පොල)
දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 390ක ”වැට් බදු” වංචාව කළ ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අද අනුමත කළේය.
දඬුවම් නියම වූ විත්තිකරුවකු වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
2002 වසරේ නොවැම්බර් මස 15 වනදාත් 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදාත් අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් නියම කර තිබිණ.
මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුවන් තිදෙනාම අධිකරණය මගහැර පළා ගොස් සිටි අතර පසුව ඔවුන් එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආසියාවේ ලොකුම වැට් වංචාකරුට එරෙහි දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් අනුමත කරයි
Bunny Preena Saturday, 12 July 2025 08:46 AM
අධිකරණය මග හැර පලා ගොස් සිටිනවා කියන්නේ ලංකාවේ නැහැයි කියන එක නේද?