IMG-LOGO

ආචාර්‍ය නදීශා අගමැතිනිය හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ  "බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්"  පිදුම් ලැබූ ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය   හමුවිය. 

ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය හේතුවෙන් අවහිර වන විවෘත කාණු පද්ධති සඳහා විසඳුමක් ලෙස ආචාර්ය නදීශා විසින් නිමවන ලද ස්මාර්ට් කාණු පද්ධති සංකල්පය  ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති WIPO සම්මාන උළෙලේ දී රටවල් 95 ක් සහ  ආයතන 780 ක් අතරින් ජයග්‍රහණයට පත් විය. 

අග්‍රාමාත්‍යවරිය මෙහිදී ආචාර්ය නදීශා චන්ද්‍රසේන වෙත සිය ශුභාශිංසන එක් කළ අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ විය.



අදහස් (2)

ආචාර්‍ය නදීශා අගමැතිනිය හමු වෙයි

Dehiovita sudesha Monday, 21 July 2025 03:44 PM

ඔබතුමියට අපේ සුබ පැතුම්. ලෝකේ වැඩ කාරයෝ ඉන්නේ ගොඩාක් ලංකාවේ අය. සුපිරි මොල මේවා..! රටට වැඩක් ගන්නේ නැති එකයි වරද...

:       2       8

Ratta Monday, 21 July 2025 04:45 PM

නියම බඩු දෙක මුණ ගැහිලා තියෙන්නේ, දන්නෝ දනිති... දෙක එකතු වුණා නම් රට ගොඩේ ගොඩ....

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 707 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 291 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site