
(කේ. බුද්ධික කුමාරසිරි)
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය "සාමි" වරයකු එම මධ්‍යස්ථානය තුළ බලපත් රහිතව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී පාරිභෝගික සේවා අධිකාරිය වැටලුවේය.
අදාල ස්ථානය තුල මත්ද්‍රව්‍ය සකස් කරන බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමු නොවුණත් ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගසා ඇසුරුම් කරන ආකාරය දැක ඒ පිලිබදව පාරිභෝගික සේවා අධිකාරිය ඒ පිලිබදව දැනුවත් කර ඇත
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය එහි ගොස් පරීක්ෂා කිරීමේදී ආහාර ඇසුරුම් කිරීම සදහා එම ස්ථානයට කිසිදු බලපත්‍රයක් නොමැති බවට කරුණු අනාවරණය වී ඇත
පසුව ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී එම ආහාර ද්‍රව්‍ය කල් ඉකුත් වී බවට අනාවරණය වූයෙන් ආහාර ද්‍රව්‍ය තිබූ ආගමික මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල මුද්‍රා තැබීමට කටයුතු කරන ලදී
මුද්‍රා තැබූ ආහාර ද්‍රව්‍යවල වටිනාකම කෝටි එකහාමාරක් පමණ වේ
සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇප මත මුදා හැරි අතර සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර නිවුස් තියෙනවා සිද්ධියට අදාළ අල ගිය, මුල ගිය තැන් විතරක් නෙමෙයි ෆොටෝ එක පවා දානවා. හැබැයි සමහර ඒවා නම් (අපරාධයේ ස්වභාවය කුමක් වුවත්) නිවුස් එකක් විතරයි එහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි? මේ කොමන්ට් එක දායි ද කියලත් ශුවර් නැහැ.
ආගමික මධ්‍යස්ථානත් මෙවැනි වංචාකාරී හෝ විනාශකාරී දේවල් වල යොදා ගන්නා එක නම් හොද කටයුත්තක් නෙවෙයි. ආගමික ස්ථානවල පවිත්‍රතාවය සහ පූජනීයත්වය එලෙසම තිබිය යුතුයි.
අයියෝ ෂාමී ... කැතයි වැඩේ...
අයියෝ සාමි...
ලංකාව තුළ ආගමට මුවා ඇති අති දූෂිත හොර, තක්කඩි වැඩ කටයුතු සිදු කරනවා හැම මොහොතකම ජනතාව ගොනාට අන්දවනවා කියලා...