IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


අල්ලස් ලොක්කාගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවිඩයක්

(සුජිත් හේවාජුලිගේ)

අල්ලස දූෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරින් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවෙනි වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනි.

මෙම රැස්වීම කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (4) පැවැත්විණ.

වැරදි කරන මිනිසුන්  දඬුවම් දී සෑදිය හැකි යැයි ලෝකයේ කිසිම රටක් විශ්වාස නොකරන බවත් සියල්ල නිවැරදි වීමට නම් ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

අල්ලස අද එච්චරටම රටේ සාමාන්‍යකරණයවී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

අමාත්‍ය මණ්ඩල තීරණයට ඕනම දෙයක් කළ හැකි යැයි රාජ්‍ය සේවකයන් සිතාගෙන සිටිනවා නම්  එය වැරදි බවත් අමාත්‍ය මණ්ඩල තීරණය අරගෙන තියෙන්නේ දූෂිත මානසිකත්වයෙන් නම් ඒවා  නිත්‍යානුකූල නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

බෙහෙත් හා පොහොර වලට අදාල නඩු සියල්ලට ද  කැබිනට් පත්‍රිකා තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

සද්භාවයෙන්  කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට කිසිවිටෙක ගැටලු ඇති නොවන බවත් දේශපාලනඥයන් කියන කියන දේවල් නොකරන රාජ්‍ය සේවයක් ඇති කරගත යුතු බවත් රංග දිසානායක මහතා පැවසීය



අදහස් (7)

අල්ලස් ලොක්කාගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවිඩයක්

Toni Saturday, 05 July 2025 10:27 AM

අකාර්යක්ෂමතාවය ඉහළ ඉන්න අයටත් තේරිලා වගේ...

:       0       1

Wanniarachchi Saturday, 05 July 2025 10:52 AM

බලය තියාගෙන ගෝරනාඩු කරන්න හරිම ලේසියි. ආකල්ප වෙනස් කරන්න ඔය කියන තරම් ලේසි නෑ. ඕවා ජනප්‍රිය කතා විතරයි. මිනිසුන්ට බඩගින්න දැනුනම නීතිය අදාළ නෑ. සාමාන්‍ය මිනිසුන්ගේ ආදායම් මාර්ග වැඩිකරන්න නැතිව අල්ලස දුෂණය නැතිකරන්න බෑ. ඔය විපක්ෂයට දාන සෙල්ලම් රේගුවේ කන්ටේනර් වලට අදාළ නිලධාරීන්ටත් ක්‍රියාත්මක කරන්න. එතකොට ආකල්ප නිකන්ම හැදෙයි.

:       6       6

යෝගා Saturday, 05 July 2025 10:56 AM

හොඳ අවවාදයක්. රේගුවේ සහ බන්ධනාගාර කට්ටිය වගේ මෝඩ වැඩ කරන්න එපා. හැබැයි ඒ අයත් නියම වෙලාවට ඇත්ත එලි කරයි. අන්න එතකොට තමයි නියම "මෑන් පවර් ඩිසාස්ටර්" එක වෙන්නේ.

:       2       4

පිටරටවැසියා Saturday, 05 July 2025 10:59 AM

ලංකාවේනම් "අල්ලස, වංචාව, හොරකම, දුෂණය, මත්ද්‍රව්‍ය, පාතාලය, රාජ්‍ය-පොදු දේපළ අවභාවිතය" වැනි දේවල් නතරකිරීමට දැඩි නීති-රීති පද්ධතියක් සහ ඒවා සැමට නිසිලෙස ක්‍රියාත්මක වීම ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. එතකොට ඉබේම ආකල්පමය වෙනසකුත් ඇතිවේවි. නැත්නම් මේ රට ගොඩදානවා බොරු. මොකද, රටට, ජනතාවට, දරුවන්ගේ අනාගතයට, මෙච්චර කෙළවෙලත් තේරෙන්නේ නැති ජන කොට්ටාශයක් තාමත් රටේ ඉන්නවා, හොරුන්ට ගුණ ගායනා කරමින්.

:       2       6

Nihal Dharmatileke Saturday, 05 July 2025 11:38 AM

ඔබ වැනි අධ්‍යක්ෂකවරුන් රජයේ සේවයට මහත් ආඩම්බරයක්...

:       2       7

de silva Saturday, 05 July 2025 11:49 AM

රජයේ දෙපාර්තමේන්තුවල පෙර පරිදිම තවමත් විශාල අල්ලස් පොකුරු තිබෙනවා... මේවාට බොහෝවිට දේශපාලන සම්බන්ධයක් නැහැ... අල්ලස සම්පුර්ණයෙන්ම රටෙන් අතුගා දමන්න නම් රටේ දැනට තිබෙන අධිකරණ සහ විනිසුරුවරු ප්‍රමාණය 3 ගුණයකින්වත් වැඩි කරන්න ඕනේ... විමර්ශන නිලධාරීන් ප්‍රමාණය 10 ගුණයකින්වත් වැඩි කරන්න ඕනේ... නමුත් කණගාටුවට කාරණය මේ කරුණ සඳහා පසුගිය අයවැයෙන් ආණ්ඩුව ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීමය.

:       1       6

prasanna Saturday, 05 July 2025 11:53 AM

මෙයා සේරටම වඩා බයවෙලා... ඉතිරි අවුරුදු 04 ඉක්මණට ගෙවිලා යන බව මෙයා දන්නවා... සියඹලා ටොෆි කමුකෝ එදාට...

:       8       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 425 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 865 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site