
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)
කහටගස්දිගිලිය දිවුල්වැව ප්‍රදේශයේදී අද අලුයම වන අලියකු පහරදීමෙන් ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය දිවුල්වැව පොලිසිය පැවසීය.
සතියක් ඇතුළත මෙම ප්‍රදේශයේ වන අලි පහරදීවලින් සිදුවූ දෙවැනි මරණය මෙය බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
මෙසේ මියගොස් ඇත්තේ දිවුල් වැව ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරිදි දෙදරු පියෙකි. ඔහු ගොවියෙකි
තම වගාබිම වෙත අද අලුයම හයට පමණ පාපැදියකින් යමින් සිටියදී දිවුල්වැව මුකිරිවැව ප්‍රධාන මාර්ගයේදී වන අලි පහරදීමට ලක්ව ඇති අතර පහරදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අප කළ විමසීමකදී දිවුල්වැව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංඛ්‍යාලේඛන යාවත්කාලීන කරගන්න. වන අලින්ට හානියක් එහෙම කරනවා නොවෙයි.
ඇයි මේ දුප්පත් ගොවීන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්ට මේ තරම් මැලි වෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?